05 March, 2017

ප්‍රතිභා උදේට නැගිටපු ගමන් කරන දෙයක් ගැන කියලා

prathiba-hettiarachchi

ආයෙත් රඟපෑමට එනවා

පූර්ණ කාලීනව බබාගේ වැඩකටයුතුවලට මූලිකම තැනක් දීලා තියෙනවා. ඉදිරියේදී ටෙලිනාට්‍යයක රඟපෑමට ලැබුණු ආරාධනය මම භාරගත්තා. එයට අමතරව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ, 'කදා වළලු' වේදිකා නාට්‍යයේ දුවගේ චරිතයටත් රඟපානවා. එයට අමතරව මම සාමාන්‍ය පෙළ ගණිතය විෂය සඳහා ඉංග්‍රීසි සිංහල මාධ්‍ය දෙකෙන්ම උපකාරක පන්ති ආරම්භ කරන්නත් හිතන් ඉන්නවා.

නැඟිටපු ගමන් වතුර බොනවා

මට උදේම නැඟිටපු ගමන්ම වතුර වීදුරුවක් බොන්නම ඕන. මම කොහොමත් උදේ පහට නැඟිටිනවා. හයහමාර වගේ වෙද්දි ගෙදර වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ බබාගේ වැඩ ටික කරලා කෑම හදනවා.

හැමදාම ජිම් යනවා

මම සාමාන්‍යයෙන් උදේ 6.45ට වගේ ජිම් එකට යනවා. කොහොමත් පැයයි විනාඩි 15ක් වගේ මම ජිම් එකේ ඉන්නවා. ඉස්සර නම් මම සෑහෙන්න ජොගින් කළා. දැන් බබාගේ වැඩ නිසා ජොගින් කරන්න වේලාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ජිම් යනවා.

උදේට කන්නේ පරළු පාන් සැන්ඩ්විච්

මම උදේට එළවළු හතරක් එක්ක බත් හදනවා. ඒත් මම නම් උදේට බත් කන්නේ නැහැ. ඒ වෙනුවට පරළු පාන්වලට තක්කාලි සැලඩ් දාලා ටූනා මාළු කෑල්ලක් තියලා සැන්ඩ්විච් හදලා උදේට කනවා. දවල්ට නම් බත් කනවා.

රෑට බත් කන්නෙ නැහැ

මම කොහොමත් දවල්ට විතරයි බත් කන්නේ. නිතරම බත් කැවෙන්නේ නෑ. ඒ නිසා රෑට ආප්ප, පිට්ටු, පැස්ටා වගේ වෙනස් වෙනස් කෑම වර්ග හදනවා.

නිතරම කැරට් ජූස් බොනවා

නිතරම කොළ කැඳ හදනවා. ඒ වගේම පලතුරු වර්ග කනවා. ජූස් හදලා බොන්නත් ආසයි. මම නිතරම කැරට් ජූස් බොනවා.

මේක් අප් දානවා අඩුයි

මම ෂූටින්වලට හැර මේක් අප් දාන්නෙම නැහැ. එහෙම මේක් අප් කරලා ඉන්න මට හරි අපහසුයි. ඒ නිසා
සාමාන්‍ය වෙලාවට රැකියාවට යද්දී මේක් අප් දාන්නේ නැහැ. මේක් අප් රිමූ කරන වෙලාවට ක්ලෙන්සර් කරලා ටෝනර් කරනවා.

පිම්පල්වලට නයිට් ක්‍රීම්

සැලෝන් යනවා නම් හරිම අඩුයි. නමුත් පසුගිය කාලේ මට පිම්පල් ටිකක් ආවා. ඒ නිසා මම පිම්පල්වලට නයිට් ක්‍රීම් එකක් ගානවා. මූණට ලික්විඩ් එකක් ගාලා තමයි වේදිකා නාට්‍යවලදීත් මේක් අප් කරන්නේ.

අතට පයට බොඩිලෝෂන්

මම දිනපතාම අත්වල සහ දෙපාවල බොඩි ලෝෂන් ගානවා. ඒ වගේම බොඩි ලෝෂන් ගාලා හොඳට මසාජ් කරනවා. කොහොමත් මම දවස අවසානයෙදී උයලා ඉවර වෙලා අත් දෙක හොඳට පිරිසුදු කරනවා.

නිතර කෝමාරිකා ගානවා

මෙම ගෙදර ඉන්න දවසට මුහුණට සොබාවික ප්‍රතිකාර කරනවා. නිතරම කෝමාරිකා ගානවා. අම්මා කෝමාරිකා ගාන්න කියලත් මට නිතරම කියනවා. ඒ වගේම අමු කහ, කඩල පිටි එක්ක මිශ්‍ර කරලා මූණෙ ගාන්නත් කැමැතියි.

කන්ටැක්ට් ලෙන්ස් දාන්නෙ නැහැ

මම කෘත්‍රිම ඇස් කාච පාවිච්චි කරන්නේ නැහැ. සමහර වෙලාවට රඟපාද්දි නම් කෘත්‍රිම ඇස් කාච දාන්න වුණු අවස්ථා ඇවිත් තියෙනවා. ඒත් ඒ රංගනයේදී විතරයි. සාමාන්‍ය ජීවිතයේ එහෙම පාවිච්චි කරන්නේ නැහැ.

හැඩවෙන්න සුම්බා කරනවා

ජිම් යන එකට අමතරව මම සුම්බා ඩාන්සින් කරනවා. ඒ වගේම කෑම පාලනයටත් මම හරිම උනන්දුයි.

නාන්න කලින් කොණ්ඩෙට තෙල් දානවා

නාන්න කලින් තෙල් එකක් දාලා පැයක් වගේ තියලා හොඳට සම්බාහනය කරනවා. ඊට පස්සේ තමයි නාන්නේ. ගෙදරදීම ෂැම්පු ගාලා, කන්ඩිෂනර් ටී්‍රට්මන්ට් කරනවා.

කෙට්ටු වෙන්න ග්‍රීන් ඇපල් කනවා

මම පැණි රස කනවා හරිම අඩුයි. කෑමවලින් නම් හුඟක් පරිස්සම් වෙනවා. ඒ වගේම ග්‍රීන් ඇපල් සැලඩ් කන්නත් ආසයි. ඒවායින් මේදය දහනය වෙනවා කියලා වෛද්‍යවරුත් දන්නවනේ.

දත් ගැන හිතලා පැණිරස කන්නේ නෑ

මම මාස දෙකකට සැරයක් වගේ දත් පෙන්වන්න යනවා. පැණි රස කෑම අඩුකරලා තියෙන්නෙත් ඒ නිසාම තමයි.

හංසි ආටිගල - mawbima
ඡාය- නුවන් අමරවංශ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ප්‍රතිභා උදේට නැගිටපු ගමන් කරන දෙයක් ගැන කියලා "

    Post a Comment