25 March, 2017

රන්පුහුලාවල බලන්න ගිය ශිෂ්‍යයා මරුට

Student Sink Ranpuhulawala

කන්දකැටිය වැවතැන්න විද්‍යාලයේ 9 වන වසරේ ගෙනුම ලැබු 14 හැවිරිදි ශිෂ්‍යෙයෙක් රන්පුහුලා වල ජල විදුලිබලාගාරය නැරඹිමට ගොස් , රන්පුහුලාවල ජලාශයේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇතැයිකන්දකැටිය පොලිසිය පවසයි.

ඊයේ (23)සවස සිදුවු මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ කන්දකැටිය මාළියද්ද පදිංචිව සිටි සිසිර මධුසංඛ නැමති ශිෂ්‍යෙයෙකි .පාසැලේ ගුරුවරු 6 කීපදෙනක් සිසුන් 12 දෙනෙක් මෙම චාරිකාවට සහබාගිවි ඇති බවත් මෙම ශිෂ්‍යයා තවත් සිසුන් දෙදෙනෙක් සමග දිය නාමින් සිටියදි මේ අනතුර සිදුව ඇති බවත් විමර්ශනවලදි අනාවරණය වී යැයි කන්දකැටිය පොලිසිය සදහන් කරයි .

දියේ ගිලුන ළමයා ගුරුවරු විසින් තවත් අයගේද උපකාර ඇතිව ගොඩට ගෙන සවස 5.30 පමණ කන්දකැටිය රෝහලට රැගෙන ආ නමුත් ඒ වන විටත් ඔහු මියගොස් තිබු බවත් කන්දකැටිය පොලිසිය පවසයි .

මේ පිළිබදව හදිසිමරණ පරීක්ෂණය අද (24)දිනයේ සිදුකරන බවද කන්දකැටියපොලිසිය සදහන් කරයි .

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර හා සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටියපොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේරත් මහතාගේ මෙහෙයවීමෙන් කන්දකැටියපොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

_රූපවාහිනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රන්පුහුලාවල බලන්න ගිය ශිෂ්‍යයා මරුට"

    Post a Comment