25 March, 2017

මනීෂා‍ගෙ මනාපේ

Maneesha Chanchala-Choices

අද 5 Choice විශේෂාංගයට සම්බන්ධ කර ගත්තේ සිඳු ටෙලි නාට්‍යයේ තෙරුණිවයි. ඇය නමින් මනීෂා චංචලායි. අපි මනීෂාගෙන් ඇහුවේ ඉදිරි නිර්මාණවලදී රඟපාන්න ලැබෙනවා නම් කැමතිම රංගන ශිල්පීන් පස් දෙනා ගැන.

01. රවීන්ද්‍ර රන්දෙණිය

මම ගොඩක් ගරු කරන අපිට ඉන්න ජ්‍යෙෂ්ඨම වගේම ප්‍රවීණයකු වන රවීන්ද්‍ර රන්දෙණිය මහතා එක්ක රඟපාන්න මම කැමැත්තෙන් ඉන්නවා. මොකද එතුමාගේ රංගනය දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න පවා බොහෝ දේ අපිට තියෙනවා. ඒ වගේම තමා එතුමාගේ රංගනය හරිම තාත්විකයි. ඒ වගේම එතුමා සතු පෞර්ෂත්වයට මම ගොඩක් කැමතියි.

02. හේමාල් රණසිංහ

හේමාල් රණසිංහ අයියා එක්ක එකට රඟපාන්න මට තවම අවස්ථාවක් නම් ලැබිලා නැහැ. නමුත් මම කැමතියි ඔහු එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබෙනවානම්. මොකද ඔහු තමා අපේ සිනමාවේ තරුණ පරම්පරාව නියෝජනය කරන රංගන ශිල්පීන් අතර ඉදිරියෙන්ම ඉන්නේ. ඒ වගේම තමා ඔහු, ඔහුට ලැබෙන සහ ඔහු භාරගන්න හැම චරිතයකට උපරිම කැපවීමෙන් ඒ චරිතවලට සාධාරණය ඉෂ්ඨ කරලා තියෙනවා. ඒ වගේම ඔහුට තියෙන පෞර්ෂත්වය සහ තාරුණ්‍යයේ ආකර්ෂණය ඔහුට කැමති වෙන්න තව හේතුවක්.

03. රොෂාන් රවීන්ද්‍ර

මම රඟපාන්න අාසාවෙන් කැමැත්තෙන් ඉන්න අය අතර රොෂාන් රවීන්ද්‍ර අයියත් ඉන්නවා. මම දකින්නේ රොෂාන් අයියාත් ලැබෙන හැම නිර්මාණයක්ම භාර නොගෙන සාධාරණය ඉෂ්ඨ කළ හැකි හොඳ නිර්මාණවලට දායක වෙන අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් මම කැමතියි ඉදිරියේ දී ඔහු එක්කත් රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා නම්.

04. මාධව විජේසිංහ

මම මුලින්ම රඟපෑ වස්සාන සිහිනය නාට්‍යයේ මට රඟපාන්න ලැබුණේ මාධව අයියා එක්ක. ඉතින් මට එදා හොඳ සහයෝගයක් ලැබුණා ඒ වගේම මම අදටත් ඔහුට ගරු කරනවා. නමුත් ඊට පස්සේ මට තවම අවස්ථාවක් ලැබුණේ නැහැ මාධව අයියා එක්ක රඟපාන්න. ඒ නිසා මම කැමතියි ඉදිරි නිර්මාණවලත් මාධව අයියා එක්ක රඟපාන්න ලැබෙනවානම්.

05. ඉමේශාන් නෙල්ලිගහවත්ත

මම තෙරුණි ලෙසින් ජනප්‍රිය වුණු මේ සිදු නට්‍යයේ මට රඟපාන්න අවස්ථාව ලැබුණේ ඉමේශාන් නෙල්ලිගහවත්ත එක්ක. ඉතින් මම ටිකක් දැනුම් තේරුම් ඇතිව රඟපාන්න ආවේ මේ සිඳු නාට්‍යයට. ඉතින් මට ඉමේශාන් එක්ක වුණත් හොඳින් රඟපාන්න පුළුවන් වුණා ඔහුගෙන් ලැබුණු සහයෝගයත් එක්ක. ඉතින් මම කැමතියි ඔහුත් මට ලැබෙන ඉදිරි නිර්මාණවල ඉන්නවානම්.

Text – Anusha Ranasinghe / Pic - Sumudu

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මනීෂා‍ගෙ මනාපේ"

    Post a Comment