03 March, 2017

රන්ටැඹේ ශිෂ්‍යභට කඳවුරේ සිසුන් 6ක් නිරුවත් කර වීඩියෝ කරලා

රන්දෙණිගල රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු කඳවුරේ පුහුණුවකට සහභාගී වූ සිසුන් පිරිසක් නිරුවත් කොට අත් පා බැඳ වීඩියෝ කළ බවට සැකපිට සිසුන් තිදෙනෙකු හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගිනෟ වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට මහියංගන මහේස්ත්‍රාත්වරයා නියම කළා.

මෙලෙස හිංසනයට ලක්ව ඇත්තේ පිලවල මහා විද්‍යාලයේ සිසුන් හය දෙනෙකුයි.

අදාළ සිද්ධිය සම්බන්ධය වෙනත් සිසුන් පිරිසක් විසින් විදුහල්පතිනියට දැන්වීමෙන් අතුරුව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

beaten-soldiers

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රන්ටැඹේ ශිෂ්‍යභට කඳවුරේ සිසුන් 6ක් නිරුවත් කර වීඩියෝ කරලා"

    Post a Comment