පසුගිය 2016 වර්ෂයේ ජූලි 14 වැනි දා සිට ආරම්භකරන ලද මේ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 225ක සිසු සිසුවියන් 40,000ක් පාරම්පරික හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම්වත් කර තිබේ.
එහි දී ළමුන්ගේ කැමැත්ත අනුව තෝරාගන්නා ලද විවිධ හස්ත කර්මාන්ත පිළිබඳ ළමුන් 10,000ට පුහුණුව ලබා දීමට නියමිතය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස සිසු දරුවන්ට හස්ත කර්මාන්ත පුහුණුව ලබා දීම මාර්තු මස 06 දින ආරම්භ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ කීවේය.
‘‘ පාරම්පරික හස්ත කර්මාන්ත විශාල සංඛ්‍යාවක් අප රටේ දක්නට ලැබෙනවා. මේවා වැඩි ප්‍රමාණක් වසර දහස් ගණනක් පුරා පැවත ආ ශිල්පීය ක්‍රම. නමුත් ඇතැම් කර්මාන්තවලින් නූතන තරුණ පරපුර ඈත්වන ස්වභාවයක් තිබෙනවා. එසේ වන්නේ තරුණ පරපුරට මේ කර්මානතවල වටිනාකම ගැන නිසි අවබෝධයක් නැති නිසා. ඒ වගේ ම මේ පැරණි හස්ත කර්මාන්තවලින් ලබා ගත හැකි ආර්ථික ප්‍රතිලාභ ගැන නොදන්නා නිසා. අපි රජයක් ලෙස හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අතර මේ ශිල්ප නවෝදා ව්‍යාපෘතිය එකක්. එහි දී අපි
බලාපොරොත්තු වෙන්නේ පාසල් දරුවන්ට මේ කර්මාන්ත ගැන අවබෝධයක් දීලා ඔවුන් කැමති ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ශිල්පීය පුහුණුව ලබා දෙන්න.
අද ඒ පුහුණු කිරීම් කටයුතු ආරම්භ කරනවා. අපේ ඉලක්කය වන්නේ අනාගත පරම්පරාව ශ්‍රී ලංකාවේ පාරම්පරික කර්මාන්ත අදටත් වඩා තාක්ෂණික වශයෙන්, ක්‍රමෝපායික වශයෙන් දියුණු කරමින් අනාගත ලෝක වෙළෙඳ පොළට සරිලන ආකාරයට ඉදිරියට ගෙන යාවි කියලා. මේ සියලු දේ අපේ දරුවන්ගේ උරුමයන්. එය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමේ වගකීම අපි මේ ව්‍යාපෘතිය මගින් දරුවන්ට භාර දෙනවා.“
ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම මෙනවිය පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයට හා එහි පැවැත්මට මහත් ශක්තියක් වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ එක් දිස්ත්‍රික්කයකින් පාසල් 10 බැගින් තෝරාගෙන සිසු දරු දැරියන් දැනුම්වත් කරතිබේ. ඉන් පසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කැමැත්ත පරිදි ඒ ඒ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයන්හි පුහුණුවට ඔවුන් යොමු කරන ලදී, ඒ අනුව පසුගිය මාස හය කාලයේ දී සිසු සිසුවියන් 40,000ට ආසන්න පිරිසක් දැනුම්වත් කළහ.
ලී කැටයම්, පිත්තල කර්මාන්තය, වෙස්මුහුණු කර්මාන්ත, කුඹල් කර්මාන්තය, තල් ආශ්‍රිත නිෂ්පාදන, බීරළු ගෙතීම ඇතුළු හස්ත කර්මාන්ත රැසක් පුහුණු වීම සඳහා ඒ ඒ සිසු දරු දැරියන්ගේ කැමැත්ත අනුව යොමු කරන බව ජාතික ශිල්ප සභාව පවසයි.
එහි පළමු කණ්ඩායම පුහුණු කිරීම මාර්තු 06 දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ඇරඹීමට නියමිතය.
මේ ව්‍යාපෘතිය අවසානයේ හස්ත කර්මාන්ත පුහුණුව පාසල් විෂය මාලාවට එක්කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව පවසයි.

_දෙරණ
Share this
|
|
0 Comment to "පාසල් සිසුන්ට හස්ත කර්මාන්ත පුහුණුවක්"
Post a Comment