
කෑගල්ල, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය අසල ඇති ප්‍රධාන මාර්ගයේ පදික මන්තීරුවේ සිට පාසල් දරුවන් සහ ජනතාව හසුරුවන අපූර්වතම වයෝවෘද්ධ කාන්තාවක් පිළිබඳ ඊයේ (2දා) අප හට දැනගත හැකිවිය.
කෑගල්ල පරගම්මන ගම මැද පාරේ පදිංචි කේ. ලිලී වයලට් නමැති 80 හැවිරිදි එක්දරු මව 1972 වර්ෂයේදී කළුතර ගල්පාත ප්‍රදේශයේ පුද්ගලයකුට මවුපියන් විවාහ කර දී ඇත. පසුව ස්වාමි පුරුෂයාගේ නිවෙසේ පදිංචියට ගොස් ඇත. මේ අතර ලිලී මහත්මියගේ සැමියා රිය අනතුරකින් මිය ගිය අතර ඇය සිය එකම දියණියක් සමඟ ආපසු කෑගල්ලේ පරගම්මන පදිංචිව සිටින මවුපියන් ළඟට පැමිණ ඇත. ප්‍රදේශයේ කුලී වැඩක් කරමින් සිය දියණිය උස් මහත් කරගෙන ඇති වයලට් මහත්මිය පසුව 1978 වර්ෂයේදී හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයට සිය දියණිය ඇතුළත් කර ගැනීමට ගොස් ඇත. එම අවස්ථාවේදී කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ බස් රථ සහ පෞද්ගලික වාහන විශාල ප්‍රමාණයක් අතරින් ප්‍රදේශයේ මවුපියන් සිය දරුවන් පාසලට රැගෙන යන අයුරු හා ආපසු නිවාස කරා ඉතා අපහසුවෙන් රැගෙන යන අයුරුත් දැක ඇත.
පසුදින සිට සිය දියණිය විද්‍යාලයට යවා පෙරවරු 6.15 සිට මාර්ගයේ වාහන හසුරුවමින් දූ දරුවන්ද අනතුරට ලක් නොකරමින් විද්‍යාලය වෙත යැවීමට ඇය එදා සිට අද දක්වා කටයුතු කරනු ලබයි. වසර 40ට ආසන්න කාලයක් මෙම ස්ථානයේ සේවය කරන ඇයට දැනට වයස අවුරුදු 80කි.
මෙම වයෝවෘද්ධ ලිලී මාතාවට
ජීවත් වීමට මුදල් නොමැති බව ඇය කියා සිටී. මීට වසර 10කට පමණ ඉහතදී සබරගමුව පළාත් සභා මන්ත්‍රි සිරිපාල කිරිඇල්ල (එ.ජා.ප) මහතා මසකට රුපියල් දහස බැගින් අවුරුදු තුනකට ආසන්න කාලයක් ලබාදී ඇත. පසුව ඇය පදිංචිව සිටින කුඩා පැල්පත සෙවිලි කරගැනීම සඳහා තහඩු පළාත් අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා හා පළාත් මන්ත්‍රි ඉමිතියාස් කාදර් මහතා ජලය ලබාදී ඇත. සිය දියණියද මේ වන විට විවාහ වී වෙනම පදිංචිය සිටින අතර 80 හැවිරිදි වයලට් මාතාව සිය නිවසේ තනිවම පදිංචිව සිටී.
අසූ හැවිරිදි වයලට් මාතාව මෙසේ ප්‍රකාශ කළාය.
අද මට ඇතැම් පාසල් වෑන් රථවලින් මසකට රුපියල් සියයක් ලබාදෙනවා. සමහර මවුපියොත් මට කීයක් හරි ලබා දෙනවා. ඒ හැර වෙන කාගෙන්වත් මට උදව්වක් උපකාරයක් නෑ. මගේ අසරණකම ප්‍රදේශයේ හැම දෙනාටම කිව්වා. ඒත් පලක් වුණේ නෑ. පස්සේ මම සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාටත් කිව්වා. එතුමා මට කීවා විදුහල්පතිතුමාටද මේ බව කියන්නම් කියලා. මම අද හෙටම මේ ගැන ජනාධිපතිතුමාට ලියන්න හිතාගෙන ඉන්නවා.
අසූ හැවිරිදි වයලට් මාතාව මෙසේ ප්‍රකාශ කළාය.
අද මට ඇතැම් පාසල් වෑන් රථවලින් මසකට රුපියල් සියයක් ලබාදෙනවා. සමහර මවුපියොත් මට කීයක් හරි ලබා දෙනවා. ඒ හැර වෙන කාගෙන්වත් මට උදව්වක් උපකාරයක් නෑ. මගේ අසරණකම ප්‍රදේශයේ හැම දෙනාටම කිව්වා. ඒත් පලක් වුණේ නෑ. පස්සේ මම සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාටත් කිව්වා. එතුමා මට කීවා විදුහල්පතිතුමාටද මේ බව කියන්නම් කියලා. මම අද හෙටම මේ ගැන ජනාධිපතිතුමාට ලියන්න හිතාගෙන ඉන්නවා.
මම සෑමදාම උදේ 6.15 වෙනකොට මෙතැන්ට ඇවිල්ල ආපසු උදේ 8ට පමණ ගෙදර යනවා. නැවත මම 11 පමණ වෙනකොට එනවා. ආපසු ගෙදර යන්න මට වෙලාවක් නෑ. ඇතැම් දරුවන්ව මවුපියන් රැගෙන යන්න නාවොත් මම ඔවුන්ගේ ගෙවල්වලට පවා දරුවන් ගිහින් දෙනවා. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා අවුරුදු 40ක් පමණ වෙනවා. කිසිම අනතුරක් සිදුවෙලා නෑ. මට මේ දිනවල හොඳටම අසනීපයි. ඒත් මම අව්ව වැස්ස නොතකා මෙතෙන්ට එනවා යැයි කඳුළු පිරි දෙනෙතින් ඇය ප්‍රකාශ කළාය.
-දමුණුපොළ - චමින්ද ජයලත්_මව්බිම
Share this
|
|
0 Comment to "ට්‍රැෆික් රාලහාමිගේ රාජකාරිය කරන හෙට්ටිමුල්ලේ 80 හැවිරිදි ආච්චි අම්මා "
Post a Comment