03 March, 2017

පිටසක්වළ ජීවියකුගේ යැයි කියන චිත්‍රය සංරක්‍ෂණය කළ යුතුයි

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානයට අයත් තිවංක පිළිමගෙයි බිත්ති මත සිතුවම් කොට ඇති පිටසක්වළ ජීවියකුගේ බව සැලකෙන චිත්‍රය විනාශයට පත්වෙමින් පවතින හෙයින් මෙය විදේශීය ශිල්පීන්ගේ සහාය ඇතිව සංරක්‍ෂණය කළ යුතුව තිබේ.

හිස්වැසුමක් පැලඳ සිටින අජටාකාශගාමියකුගේ හැඩයෙන් යුත් මිනිසකු මෙහි සිතුවම් කොට ඇති අතර මෙම චිත්‍රය පිළිබඳ මේ දක්වාම පුරාවිද්‍යාඥයන් මතයක් ප්‍රකාශ කොට නොමැත.

මෙවැනිම සිතුවමක් ඉන්දියාවේ ජේතවනාරාමයේද සිතුවම් කොට ඇති බව පැවැසෙන අතර මිසරයේ ඉපැරැණි සිද්ධස්ථානවලද මෙවැනි සිතුවම් දැකගන්නට ලැබෙන බව පැවැසේ.වෙනත් ග්‍රහලෝකවලින් පැමිණෙන ජීවීන් තිවංක
පිළිමගෙයටද වරින්වර පැමිණි බවට සාක්කි ඇතැයි මෙම සිද්ධස්ථානයේ රාජකාරියේ නිරත පුරාවිද්‍යා මුරකරුවන් කිහිප වතාවකදීම මාධ්‍යවලට ප්‍රකාශ කොට තිබිණි.

පෙර අතීතයේ සිටම පිටසක්වළ ජීවීන් මෙම ස්ථානයට පැමිණි බවට මෙම සිතුවම් නිසා අනුමාන කළ හැකි බවද මෙම චිත්‍රය පරීක්‍ෂා කරන විදේශිකයන් සඳහන් කරන බව මෙහි රාජකාරියේ නිරත පුරාවිද්‍යා මුරකරුවෝ සඳහන් කරති.

alien-picture

- තමන්කඩුව - ගාමිණී ඔබේසේකර_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පිටසක්වළ ජීවියකුගේ යැයි කියන චිත්‍රය සංරක්‍ෂණය කළ යුතුයි "

    Post a Comment