25 March, 2017

සල්ලි නැතුව බීම දෙන ‘මුහුණ බලලා දැන්වීම් පෙන්වන’ කොළඹ අලුත් බස් නැවතුම

ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ කොළඹ ටවුන්හෝල් ඉදිරියේ ඉදිකර තිබෙනවා.

ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් ද මෙහි ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්.

මෙම බස් නැවතුම්පොළේ අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන මොබිටෙල් වයිෆයි සම්බන්ධතාවයක් ද තිබෙනවා.

මෙහි ස්මාර්ට් අලෙවි යන්ත්‍රය මගින් මුදල් භාවිතයකින් තොරව බීම වර්ග ලබා ගැනීමේ පහසුකම ද හිමි වනවා.

බස් නැවතුම්පොළේ සඳහන්කොට ඇති දුරකථන අංකයට ‘water’ හෝ තමන්ට අවශ්‍ය දෙය කෙටි පණිවිඩයක් මගින් යැවිය යුතු අතර ඊට ප්‍රතිචාර වශයෙන් ලැඛෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවියන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් ඒවා ලබා ගත හැකියි.

මෙහි ඇති අඟල් 46 අන්තර්ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරය මඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස පිළිබඳ නිගමනයකට එළඹෙන අතර එය පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනයකරනු ලබනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් මෙය ජනතා අයිතියට පත් කළ අතර මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම බස් නැවතුම්පල නිර්මානය කර තිබෙනවා.

New bus station in Colombo-01

New bus station in Colombo-02

New bus station in Colombo-03

New bus station in Colombo-04

New bus station in Colombo-05

New bus station in Colombo-06

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සල්ලි නැතුව බීම දෙන ‘මුහුණ බලලා දැන්වීම් පෙන්වන’ කොළඹ අලුත් බස් නැවතුම"

    Post a Comment