01 February, 2017

දෙදරු මවට හමුදා විනයාරක්ෂකගෙන් අතවර - වීඩියෝත් කරලා - බිය ගන්වා මුදල් අරන්

වරකාපොළ, ඇත්නාවල ප්‍රදේශයේ දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික හිරිහැර කරමින් එම අවස්ථාව වීඩියෝ ගත කරගෙන තමන් සන්තකයේ තබාගනිමින් වරින්වර එම කාන්තාව බිය ගන්වා මාසිකව මුදල් ඉල්ලූගත් මුලතිව් යුදහමුදා කඳවුරට අනුයුක්ත විනයාරක්ෂක නිලධාරියකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සේනාරත්න මහතා පවසයි.

නීති විරෝධී මත්පැන් සොයන මුවාවෙන් නිවෙසට තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවෙසේ සිටි මෙම දෙදරු මව කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් මුදල් ඉල්ලා බියගන්වා අතවරයකට ලක්කර ඇති බවට හමුදා භටයාට එරෙහිව වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

හමුදා නිලධාරියා මේ කාන්තාව බිය ගන්වා ඔහුගේ බැංකු ගිණුමකට බලහත්කාරයෙන් මුදල් තැන්පත් කරවාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

නිවෙසට අනවසරයෙන් ඇතුළු වී සිටීම හේතුවෙන් ඉකුත් 15 වැනි දින මෙම යුද හමුදා නිලධාරියාට එම නිවෙසෙහි ගෘහ මූලිකයා වූ අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා පහරදීමක් සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ යුද හමුදා නිලධාරියා ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
වරකාපොළ පොලිසියද මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ.

army-arrest-rape-2

(චාමර අමරසූරිය_මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දෙදරු මවට හමුදා විනයාරක්ෂකගෙන් අතවර - වීඩියෝත් කරලා - බිය ගන්වා මුදල් අරන්"

    Post a Comment