මෙම සිද්ධිය පසුගියදා (16දා) දහවල් 1ට පමණ සිදුව ඇත.
22 හැවිරිදි මෙම තරුණිය කෑගල්ල පරගම්මන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර තම පෙම්වතා සමඟ පසුගියදා (16දා) පෙරවරුවේ මහනුවරට පැමිණ තිබේ. තරුණිය වෙනත් තරුණයකු හා සම්බන්ධයක් පවත්නා බව හෙළි වීම නිසා ඇය හා පෙම්වතා අතර කලක් අමනාපයක් පැවත ඇති අතර පසුව එය සමථයකට පත් වූ පසු දෙදෙනා මහනුවරට පැමිණ ඇත.
තරුණයා හා තරුණිය මහනුවරට පැමිණි පසු තරුණිය මහනුවර වැවේ බෝට්ටු සවාරියක් යෑමට යෝජනා කර තිබේ. තමන් අත මුදල් නොමැති බව විසිතුන් හැවිරිදි තරුණයා පැවැසීමෙන් පසු තරුණිය ඇය සතු මුදල්වලින් බෝට්ටු සවාරියක් යෑමට පියවර ගෙන තිබෙන අතර තරුණයාද පසුව ඊට එකඟ වී
ඇත.
දෙදෙනා ජීවිත ආරක්ෂක කබා පැලඳ බෝට්ටුවේ නැඟී වැව මැදට පැමිණීමෙන් පසු තරුණිය මෙහෙම ජීවත්ව පලක් නොමැති බව පවසා වැවට පනිමු යැයි තරුණයාට යෝජනා කර තිබේ. තරුණයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තරුණිය වැවට පැන ඇත.
නමුත් ජීවිත ආරක්ෂක කබායක් පැලඳ සිටීම හේතුවෙන් දියේ ගිලී යළි මතුවූ තරුණිය බෝට්ටු ක්‍රියාකරු හා පෙම්වතා එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට රැගෙනවිත් තිබේ. එලෙස පැමිණෙන අතරතුරද ඇය වැවට පනින්නට උත්සාහ කර තිබෙන බව පෙම්වතා පොලිසියට පවසා ඇත.
වැවේ ජලයේ ගිලීමෙන් රෝගී වූ තරුණිය ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර තරුණයාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

මහනුවර - කමල් සුරවීර - මව්බිම
Share this
|
|
0 Comment to "මහනුවර වැවේ ප්‍රේම සවාරියේදී සුළු හබයකින් පෙම්වතිය වැවට පැනලා"
Post a Comment