19 January, 2017

අතුරුගිරියේදී ඝාතනය වූයේ අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සාමාජිකයෙක්

පතාල කල්ලි අතර ගැටීමෙන් පෙර්දා (17දා) සවස අතුරුගිරිය නගරයේදී ඝාතනයට ලක්වූ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාගේ හිටපු රියැදුරකු බවට හෙළිවී අතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ අතුරුගිරිය මොරටුවහේන පාරේ පදිංචිව සිටි ධර්ම ශ්‍රී බණ්ඩාර දිසානායක නමැති 35 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයෙකි.

ඔහු පෙරේදා (17දා) සවස 6.00ට පමණ අතුරුගිරිය නගරයේ සැලුන් එකක සිටියදී යතුරු පැදියකින් පැමිණි තවත් පාතාල කල්ලි සාමාජිකයකු තැබූ වෙඩි පහරකින් අසාධ්‍යව ඔරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මරුමුවට පත්ව ඇත.

ඝාතනයට ලක්වූ අය "අංගොඩ ලොක්කාගේ" පාතාල කල්ලියේ ගෝලයකු බවද එහි 'ලලියා' හෙවත් චතුර යන අයගේ හොඳම හිතවතාව සිටි අයෙක් බව අතුරුගිරිය පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ඔවුන් "සමයං" නමැති තවත් පාතාල කල්ලියක් සමඟ වූ ගැටීමක් මෙම ඝාතනයට හේතුවී ඇතැයි සැක කෙරේ.

අතුරුගිරිය මිලේනියම් සිටි තරුණයකු ඝාතනය හා සමාජ ශාලාවක් තුළදී තවත් තරුණයකු ඝාතනය ඇතුළු අපරාධ ගණනාවකට පොලිසිය මඟහැර සිටියදී මෙම පුද්ගලයා ඝාතනයට ලක්ව තිබේ.

අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් තුළ සිදුවූ මෙම ඝාතනය සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් භාවිත කර ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඝාතනය සඳහා වෙඩික්කරුවන් දෙදෙනකු පැමිණ ඇති බවද පොලිසිය පවසයි. අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

murder-05

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අතුරුගිරියේදී ඝාතනය වූයේ අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සාමාජිකයෙක්"

    Post a Comment