16 January, 2017

සංවර්ධන නිලධාරිණියක් පැහැරගෙන ගිය FB හිතවතා ඇඳුම් පුළුස්සා වද දෙමින් රැයක් අතවර කරලා

rape-girl

සංවර්ධන නිලධාරිණියක ලෙස රජයේ රැකියාවක් ලද ඇය 33 හැවිරිදි විවාහක කාන්තාවකි. 

මීට මාස කිහිපයකට පෙර මුහුණු පොතෙන් හමුවූ තැනැත්තකු සමග හිතවත්කමක් ගොඩනගාගෙන ඇති අතර, ඒ මාර්ගයෙන් ඇය රැකියාව කරන ස්ථානය ඇතුළු තොරතුරුද දෙදෙනා හුවමාරු කරගෙන ඇත.

වයස අවුරුදු 51ක් පමණ වන එම පුද්ගලයා ඇය බලන්නටද වරින් වර පැමිණ ඇති අතර, ඒ සබඳතාවය ඔහු සිතූ තරම් දුර ගෙනියන්නට ඇය අකමැති වී ඇති නිසා පසුගිය සිකුරාදා (13) ඇය රැකියාවට යාමට බස් රථයක් පැමිණෙන තුරු සිටියදී උල් ආයුධයක් පෙන්වා ත්‍රිරෝද රථයකින් ඇය පැහැරගෙන ගොස් තිබේ. 

අනතුරුව ඇය නිවසකට රැගෙන ආ අදාල පුද්ගලයා ඇය ඇඳ සිටි සාරිය ඇතුළු සියළු ඇඳුම් ඇය ඉදිරිපිටදීම පුළුස්සා තිබෙනවා.

අනතුරුව ඇයට වද දෙමින් අතවර කර ඇති එම පුද්ගලයා, අදාල කාන්තාවගේ සැමියාට දුරකතන ඇමතුමක් දී බැණ තර්ජනයද කර තිබෙනවා. කාන්තාව පැහැරගත් පුද්ගලයා වැසිකිළියට ගිය අවස්ථාවක සැමියාට ඇමතුමක් ලබා දී ඇය පවසා ඇත්තේ තමා පැහැරගෙන විත් නිවසක රඳවාගෙන අතවරයට ලක්කරන බවය. 

සිටින්නේ කොහිදැයි තමා නොදන්නා බවද ඇය සැමියාට පවසා ඇති අතර, සැමියා මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය, පොලියට මුදලක් ඉල්ලන අයෙකු ලෙස අදාල සැකකරුගේ ජංගම දුරකතනයට උපක්‍ර‍මිකව ඇමතුමක් ගෙන ඇති පොලිසිය, ඔහු හමුවීමට අවස්ථාව ලබාගෙන ඇති අතර ඔහු ඒ සඳහා පැමිණෙන ලෙස දන්වා ඇත්තේ අතුරුගිරියටය. 

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍ර‍ශ්න කිරීම් වලදී පැහැරගත් කාන්තාව, අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී සොයාගෙන ඇති අතර ඇය ඒ වනවිට අසාධ්‍ය තත්වයේ පසුව සිටි බවයි පැවසෙන්නේ. 

අනතුරුව ඇය රෝහල්ගතකර ඇති අතර අදාල සැකකරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංවර්ධන නිලධාරිණියක් පැහැරගෙන ගිය FB හිතවතා ඇඳුම් පුළුස්සා වද දෙමින් රැයක් අතවර කරලා"

    Post a Comment