17 January, 2017

දුමින්ද හිරෙන් පැනයාමේ සැලසුමක්..!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු‍වෙන් වරදකරුවන්ව මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළා.

මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරි භාර ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙන ලෙසට මෙහිදි නියම කෙරුණා.

මරණ දඬුවම නියමව සිටින සිරකරුවන් වන අනූෂ තුෂාර ද මෙල්, සිරිනායක පතිරනලාගේ චමින්ද රවි ජයනාත්, කොවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, සී. එම්. ප්‍රියන්ත ජනක බණ්ඩාර හා අරුමාදුර ලොරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා මෙලෙස පලායෑමට සැලසුම් කරන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිතිබුණා. 

මෙම සිරකරුවන් බන්ධනාගාරයෙන් පලායාමට සැලසුම් කරන බවට විද්‍යුත් මාධ්‍යයෙහි පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය රහස් පොලිසිය ආරම්භ කර තිබෙනවා.

අදාල සිරකරුවන් ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති ආරක්ෂක ක්‍රමවේදය, සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඥාතීන්ට හා වෙනත් පුද්ගලයන්ට සිරකරුවන් හමුවීමට අවස්ථාව ලබාදීමේදී ගෙන ඇති ආරක්ෂක පියවර පිළිබඳ හා මෙම සිරකරුවන් පලායෑමට උත්සාහ කරන බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇත්ද, යන්න අනාවරණය කර ගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා හා සිරකරුවන් රඳවා සිටින මැදිරි භාර ප්‍රධාන ජේලර්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලිසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබුණා.

duminda-silva-escape-prison

-නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුමින්ද හිරෙන් පැනයාමේ සැලසුමක්..!"

    Post a Comment