16 January, 2017

නුවරඑළිය හෝටලයකදී BBQ දුම විස වී අයෙක් මරුට

bbq-smoke-tent-in-background

නුවරඑළිය සංචාරක හෝටල් කාමරයක ලැගුම්ගෙන සිටි තිදෙනකුට එම කාමරයේ තිබූ බාබකිව් දැමීමට උපයෝගි කරගන්නා උපකරණයකින් පිටව ඇති විස දුමක් ආඝ්‍රාණය වීමෙන් එක් අයකු මියගොස් දෙදෙනකු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.

ඉකුත් 13 වැනිදා රාත්‍රියේ එසේ කාමරයේ නිදා සිටියදී 14දා අලුයම මියගොස් ඇත්තේ යක්කල, අලුත්ගම බෝගමුවේ පදිංචි 39 හැවිරිදි නලින්ද ප්‍රියදර්ශන නමැති ව්‍යාපාරිකයෙකි.

බස්රථ හිමියකු වන ඔහු ඔහුට අයත් බස් රථයකින් තවත් පිරිසකගේ විනෝද ගමනක් සඳහා නුවරඑළියට පැමිණ සිටියදී මේ අනතුර සිදුව ඇත.

නුවරඑළිය හාවාඑළිය ගැලැන්ෆෝල්රයිට් ප්‍රදේශයේ නිවෙසක මස් පිලිස්සූ උදුනක් ගිනි තැපීම සඳහා එම තිදෙනා නතර වී සිටි එම නිවෙසේ කාමරයට රැගෙන ගොස් ඔවුන් නින්දට ගොස් තිබේ.

ඉකුත් 13 වැනිදා පස්වරුවේ කාමරයට ගිය තිදෙනා නැවැත එළියට නොපැමිණි නිසා නිවෙසේ හිමිකරු විසින් පෙරේදා (14දා) දහවල් කාමරය විවෘත කර බලන අවස්ථාවේ ඔවුන් තිදෙනාගෙන් එක් අයකු මියගොස් තවත් දෙදෙනකු සිහිසුන්ව සිටි නිසා ඔවුන්ව රෝහල්ගත කර තිබේ.

මියගොස් ඇත්තේ එම සංචාරකයන් රැගෙන ආ බස් රථයේ රියැදුරු බව පොලිසිය පැවැසුවේය.

සිහිසුන්ව සිටින දෙදෙනා නුවරඑළිය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මීට ප්‍රථමද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක පැමිණි යුවළක් මස් පිලිස්සූ විස ආඝ්‍රාණය වීමෙන් මියගොස් තිබිණි.

මෙසේ මියගොස් ඇත්තේ රාලලාගේ නලින්ද ප්‍රියදර්ශන නමැති තිස්නව හැවිරිදි අයෙකි.

නුවරඑළිය පොලිසිය මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

හාවාඑළිය _ චන්ද්‍රසිරි මහගම, නෝර්වුඩ් _ රිද්මි මිලින්දිකා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නුවරඑළිය හෝටලයකදී BBQ දුම විස වී අයෙක් මරුට "

    Post a Comment