16 January, 2017

පලතුරු දෙන්න ගියාම අලියකු විදෙස් කතකගේ අතක් කඩලා

කෑගල්ල, පින්නවල අලි අනාථාගාරයේ අලියකුට පලතුරු ලබාදීමට ගිය විදේශීය කාන්තාවකගේ වම් අත පෙරේදා (14දා) අලියකු විසින් බිඳ දැමීම නිසා ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

එසේ මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ සු කේ චු (ඉචභ ම්. ඊභධප) නමැති 48 හැවිරිදි ස්වීඩන් කාන්තාවකි.

තුවලකාරිය පිළිබඳ පොලිසිය කියා සිටියේ ස්වීඩන් ජාතිකයන් පිරිසක් ඉකුත්දා ලංකාවට පැමිණ ඇති බවත්, ඔවුන් මාතර ප්‍රදේශයේ හෝටලයක රැඳී සිට ඇති බවත්ය.

මෙම පිරිස වෑන් රථයකින් ලංකාවේ විවිධ ස්ථාන නැරැඹීමට ගොස් ඇති අතර පෙරේදා (14දා) මහනුවර සිට මාතර බලා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී පින්නවල අලි අනාථාගාරය නැරැඹීමටද පැමිණ ඇති බවයි.

මෙම පිරිස අලි අනාථාගාරය නැරැඹීමට ගිය අවස්ථාවේ තුවාලකාරිය අලියකුට පලතුරු ලබාදීමට ගොස් ඇත.

අලියාට පලතුරු දීමට වම් අත දිගු කරන අවස්ථාවේ අලියා හොඬවැලෙන් කාන්තාවගේ වම් අත අඹරා ඇති අතර එමඟින් ඇයගේ අත බිඳී තිබූ බවත්, පොලිසිය කියයි.

කාන්තාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

කෑගල්ල රෝහල් පොලිස් ඒකකයේ පොලිස් කොස්තාපල් එල්. ආර්. නවරත්න බණ්ඩාර (52443) මූලික පරීක්ෂණ සිදුකර ඇත.

elephant-caught-04

දමුණුපොළ - චමින්ද ජයලත්_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පලතුරු දෙන්න ගියාම අලියකු විදෙස් කතකගේ අතක් කඩලා"

    Post a Comment