16 January, 2017

ජරා කෑම විකුණූ­ වෙළෙඳුන් රැසකට නඩු

dirty-foods-sri-padha

නල්ලතන්නිය - ශී්‍රපාද මාර්ගයෙන් ශී්‍රපාද වන්දනාව සඳහා ගමන් කරන දෙස් - විදෙස් වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ලබාදීමේ අරමුණින් ඊයේ (15දා) නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය - ශී්‍රපාද මාර්ගයේ පිහිටි ආපන ශාලා, බේකරි සහ ආහාර නිෂ්පාදන ස්ථාන නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර හා ඔෟෂධ පරීක්ෂකවරයා ඇතුළු මහජන පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කරන ලදී.

සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාර අලෙවි කළ හා ආහාර නිෂ්පාදනය කළ ව්‍යාපාරිකයන් රැසක් මෙහිදී නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බවත්, ශී්‍රපාද පුදබිම වෙත දුර බැහැර සිට පැමිණෙන වන්දනාකරුවන් සඳහා ආහාර නිෂ්පාදනය කිරීම සැපයීම සම්බන්ධව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළ බවත් නුවරඑළිය දිස්ත්‍රික් රජයේ ආහාර හා ඔෟෂධ පරීක්ෂක සරත් ජයතුංග මහතා පැවැසීය.

ආපන ශාලාවල හා වෙළෙඳසල්වල විකිණීමට තබා තිබුණු කල් ඉකුත්වූ ආහාර හා සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර විනාශ කිරීම සඳහා මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුව ගන්නා ලදී.

වැටලීමේදී නීතියේ රැහැනට කොටුකරගත් ව්‍යාපාරිකයන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවැසීය.

මෙම වැටලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 10 දෙනෙක් සහභාගි වූහ.

නෝටන්බි්‍රජ් - ගැමුණු බණ්ඩාරතිලක,
හැටන් - චන්න අද්දරගේ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජරා කෑම විකුණූ­ වෙළෙඳුන් රැසකට නඩු"

    Post a Comment