ආදර අන්දරයක අමනාපකමක් දුරදිග ගොස් කැපුම් තුවාල ලැබූ තිදෙනකුට මැහුම් 62ක් දමා තිබේ.
ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ ඇති වූ මේ සිද්ධියෙන් නැන්දම්මා, මස්සිනා හා ආදරවන්තයා මෙසේ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
සිංහපිටිය ධර්ම කීර්ති මාවතේ පදිංචි 18 හැවිරිදි තරුණියක හා සිංහපිටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු අතර තිබූ ප්‍රේම කතාවක අවසානයේ ඇගේ මව, සොහොයුරා හා පෙම්වතා මෙසේ රෝහල් ගත කොට ඇත.
තරුණයා විසින් ඇයට දුන් දුරකතන ඇමැතුමකට පිළිතුරු නොදීම නිසා උරණ වූ ඔහු පෙම්වතියගේ නිවෙසට ගොස් ඒ පිළිබඳව විමසා ඇත.
තරුණිය වෙනුවට ඇගේ මව එයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ මේ සම්බන්ධය නවතා ඇති බවයි.
එහිදී ඇති වූ කතාබහ දුරදිග ගිය නිසා තරුණියගේ මව හා සොයුරා පොලිසි යන බව පවසා ඒ අනුව ක්‍රියා කොට
ඇත.
සිංහපිටිය හන්දියේ තරුණයාගේ නිවෙස අසලින් මේ අය පොලිසියට යා යුතු අතර එහිදී ආරවුලක් ඇතිවීමෙන් කෙටේරියකින් හා පිහියකින් පහරදීමේ සිදුවීමක් සමඟ තරුණියගේ මවට ශල්‍යකර්මයක් කිරීම හා මැහුම් 40ක් යෙදීමටත් සොයුරාට මැහුම් අටක් හා පෙම්වතාට මැහුම් 14ක් යෙදීමටත් සිදුවී ඇත්තේ ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.
මේ පිළිබඳව පෙම්වතා හා පෙම්වතියගේ සොයුරා ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙත ඇති අතර ඔවුන් ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. උපාලි යාපා මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ඩී. කාංගර, පො.සැ. දසනායක (32777), රූපසිංහ (29224) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ - මාධව බණ්ඩාර_මව්බිම
Share this
|
|
0 Comment to "තරුණ පෙමට නැන්දම්මා කළ බාධා කෙළවර වුණේ තිදෙනකු ලේ හලාගෙන "
Post a Comment