15 January, 2017

පොඩ්ඩෝ කාලේ වැඩ පෙන්නපු සරිත්-සුරිත් ලොක්කෝ වෙලා කරන වැඩ

sarith-surith-4-15-01-17

සරිත් සුරිත් එකතු වෙලා මොකක්ද මේ හා හා පුරා කියලා කරලා තියෙන්නේ?

අපි අපේ පළමුවැනි ගීතය මියුසික් වීඩියෝවක් එක්කම රිලීස් කළා. "ඉර වෙනස් වෙලා" කියලා තමයි අපේ ඉධදඨ එක නම් කරලා තියෙන්නේ.

අයියාගෙයි මල්ලිගෙයි ගීතයක් එළියට ගේන්න මෙච්චර කල් ගත්තේ ඇයි?

අපි ගීත කළා. ඒත් අපේ අධ්‍යාපන කටයුතු නිසා ගීතයක් රිලීස් කරන එක කල් ගියා. අපි මේ අවුරුද්දේ තමයි සාමාන්‍ය පෙළ විභාගය කළේ. ඉතින් දැන් ගීතයක් රසිකයෝ අතරට ගේන්න ඕන කියලා හිතුවා.

ගීතයේ නිර්මාණ පසුබිම ගැනත් කතා කරමු?

මේ ගීතය ලිව්වේ අපේ තාත්තා. ගීතයේ මියුසික් සහ ගායනය කළේ අපි. වීඩියෝව කළේ සාගර බාලසූරිය.

සරිත් සුරිත්ගේ පළමුවැනි ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ පාසලේ යාළුවෝ වුණත් මේ ගීතයට ගොඩක් කැමැතියි. රොක් ස්ටයිල් එකට කරපු මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන අපිට සතුටුයි.

පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනෙන් එළියට ආපු සරිත් සහ සුරිත්ව ප්‍රේක්‍ෂකයන්ට අමතක වෙලා නෑ වගේ?

ඒ අයට අපිව අමතක වෙලා නැහැ. අපි ඒ වැඩසටහනෙන් බිහිවුණේ 2012දී.

අපි වෙනුවෙන් හිටපු රසිකයෝ නිසා තමයි අපි තවම ඉන්නේ. අපේ මියුසික්වලට එයාලා තාමත් ආදරය කරනවා.

මාධ්‍යවලිනුත් සරිත් - සුරිත්ට සහයෝගය ලැබෙනවද?

ඔව්. අපි බිහිවුණේ සිරසෙන් වුණාට අනෙක් නාළිකාවලිනුත් අපිට සහයෝගය ලැබෙනවා. දැන් අපේ ගීතය මාධ්‍ය නාළිකාවලින් ප්‍රචාරය වෙනවා.

දැන් බෑන්ඩ් එකකුත් ලීඩ් කරනවනේ?

ඔව්. අපේ බෑන්ඩ් එකේ නම සරිත් සුරිත් ඇන්ඩ් නිවුස්. අලුත් දෙයක් කරන්න බලාපොරොත්තුව අපිට හැමදාම තියෙනවා. ඒ අදහසින් තමයි අපි බෑන්ඩ් එකට නම තිබ්බේ. මල්ලියි මමයි තව අපේ යාළුවෝ තුන් දෙනකුයි එකතු වෙලා තමයි බෑන්ඩ් එක හැදුවේ.

මියුසික් වීඩියෝවේ පෙනී ඉන්නෙත් කණ්ඩායමේ පිරිස නේද?

ඔව්. අපි පස්දෙනා තමයි මියුසික් වීඩියෝවෙත්් ඉන්නෙ. රස්මික, ලෙහාන්, වෙනුක් තමයි අපේ බෑන්ඩ් එකේ ඉන්න යාළුවෝ තුන්දෙනා.

බෑන්ඩ් එකේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?

අපි ඛ්ඩචපඪබර ඡ්මඥදබඵ වල තමයි ගොඩක් ර්ථීතචර කරන්නේ. ඉදිරියටත් අපි ඡ්මඥදබඵවල ර්ථීතචර කරන්න බලාපොරොත්තු වෙනවා. සරිත් සුරිත් ඇන්ඩ් නිවුස් කියන ෆේස්බුක් පේජ් එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.

අධ්‍යාපන කටයුතුත් එක්ක සංගීත වැඩ කටයුතු කරන්න පුළුවන්ද?

මල්ලියි මමයි ටයිම් ටේබල් එකකට වැඩ කළේ. ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන්න සංගීත වැඩ කටයුතුත් කරන්න අපිට පුළුවන්. අපි අධ්‍යාපනය පැත්තෙන් මොන විෂය ධාරාව තෝර ගත්තත් මියුසික් නම් අතහරින්නේ නැහැ.

සංගීතය ගැන හැදැරීම් කරනවද?

ඔව්. මල්ලියි මමයි ඒභඤඪධ ඡ්දඨඪදඥඥපඪදඨ පැත්ත හදාරනවා. ඒ වගේම වෙස්ටන් මියුසික් හදාරනවා. හැදෑරීමකින් අපේ ගමන යන්න තමයි අපි උත්සාහ කරන්නේ.

මේ ගමන යන්න පවුලෙනුත් ලොකු සහායක් ලැබෙනවා ඇති?

ඔව්. අම්මයි තාත්තයි තමයි අපේ පිටිපස්සෙන් ඉන්නේ. එයාලා කවදාවත් අපිට මියුසික් කරන්න එපා කිව්වේ නැහැ. අපිට ලොකු ගමනක් යන්න අම්මයි තාත්තයි ලොකු ශක්තියක්.

ඉදිරියට සැලසුම් කරගත්ත වැඩ මොනවද?

මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ වගේ වෙද්දී අපේ තව ගීතයක් රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පොඩ්ඩෝ කාලේ වැඩ පෙන්නපු සරිත්-සුරිත් ලොක්කෝ වෙලා කරන වැඩ "

    Post a Comment