15 January, 2017

මව පියා නැති - මිත්තනියත් ප්‍රතිඵල නොදැක සමුගත් අතරේ වෛද්‍ය පීඨයට ගිය පන්ති කාඩ් මාර්ක කළ තිසර

thisara-kavinda-disanayake-al-results-2

ජීවිතේ අපිට එන සමහර ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ගොඩක් අමාරුයි. ඒත් මොන ප්‍රශ්න ආවත් ජීවිතේ ජයගත්ත මිනිස්සු ගැන අපි ඕනි තරම් අහලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ඔහු මෙවර පැවැත්වුණු අපොස උසස්පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වුණා. ඒ ගැන තමයි මේ කතාව....

අ/ තඹුත්තේගම බෙල්ලන්කඩවල විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වන තිසර A සාමාර්ථ 6ක් හා B සාමාර්ථ 2කකුත් එක S සාමාර්ථ යකුත් අරන් විශිෂ්ට ලෙස සමත් වෙනවා. ඔහු සතු දක්ෂතාව දැනගත් එම පාසලේ ගුරුවරියන් වන ඉන්දිරා වීරක්කොඩි හා ලක්ෂ්මි මිස් තිසරගේ දුක්මසු කදුල කතාව සමග අල්ට්‍රා උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරැ ගාමිණි මහතාට තිසර බාර දෙනවා. තිසර උසස් පෙල සදහා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළු වෙනවා.

කුඩා කලම පියා තිසර ට අවුරුදු එකක් වගේ කාලෙදී අත්හැර ගිය ද මව තිසර ට ඉගැන්වීම සදහා විදේශ ගතවෙනවා. නමුත් අවාසනාවකට මවත් 2010 වසරේදි , තිසර කුඩා අවධියේ දීම ජීවිතයෙන් සමුගන්නවා.
ඉන් පසුව මිත්තනිය තිසරට උගන්වන්න නොවිදිනා දුක් විදිනවා.

අල්ට්‍රා ආයතනයේ ගාමිණී අන්කල් තමයි තිසරට උසස් පෙල සියලුම අවශ්‍යතා සපුරන්නේ. ගෙදර නවාතැන් දීල සියලු පන්ති සදහා උපකාරත් කරනවා. ඒ වගේම තිසර විවේක කාලවලට පන්තියේ කාඩ් චෙක් කරනවා, වැඩ කරනවා. තිසරට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නත් ගාමිණී අන්කල් අමතක කලේ නැහැ. තිසර ඒ මුදලත් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා.

පලමු වතාවේ 2015 උසස් පෙල තිසර B _ 1 , C- 2 ක් අරන් විභාගය සමත් ඒත් වෛද්‍ය පීඨයට ළකුණු මදි. ගාමිණී අංකල් තිසරට ආයෙමත් පියෙක් වගේ උපකාර කරන්න ඉදිරිපත් වෙනවා.

පුතා ආයෙ විභාගය කරන්න මම වියදම් කරනවා කියලා. තිසරගේ දෙනෙත් කදුලින් තෙත් වෙන්නෙ අහිමි පිය සෙනහස තමන්ට ගාමිණී අංකල් ගෙන් ලැබෙන නිසා. පන්තියේ වැඩ වලටත් උපකාර කරන අතර තිසර දෙවන වර විභාගය ලියනවා.
අවාසනාවකට ප්‍රතිඵල එන්න ඉස්සරලම තමන්ට මව වුන ආදරණිය මිත්තණිය මිය යනවා.

ජනවාරි මස 7 වෙනිදා උදේම ආපු ප්‍රතිඵල තිසරගේ කදුලු කතාව තවත් පැත්තකට පෙරලෙනවා. ප්‍රතිඵලය A - 2 , B - 1යි. දිස්ත්‍රික්කයේ 42 වෛද්‍ය පීඨයට තිසර තේරිලා. විභාග අංක 2878011
මව, පියා, මිත්තනිය අහිමි තිසර වෛද්‍ය වරයෙක් වෙන්න තරම් වාසනාවන්ත වෙලා.
ඒත් තිසරගේ අනාගත වියදම් ගැන ඔහුට තියෙන්නේ බයක්.

දෙවියන් වගේ තමාට පිහිට වුන ගාමිණී අංකල් තමාට පිටු නොපාන බව තිසර හොදින්ම දන්නවා. ඒත් තිසර ට බරක් වෙන්න හිත දෙන්නෙ නෑ. ඒ නිසාම සරසවි යන්න තිසර මුදල් හොයන්න අල්ට්‍රා ආයතනයේ පන්ති වල වැඩ කරලා මුදලක් උපයනවා. තමාගේ අනාගතය වෙනුවෙන්.

වෙනත් දරුවන් වෛද්‍ය පීඨයට තෙරෙනකොට දෙමාපියන් ගෙන් යාන වාහන. ඉඩකඩම්, විදෙස් සංචාර, පරිඝණක , ලැප්ටොප් , දුරකතන තෑගි ලබනවා. ඒත් තිසර ෆැකල්ටියේ ඉගෙන ගන්න පොත් ගන්න, බෝඩිමට , තමන්ට ම කියල ඇදුමක් ගන්න පන්තියේ කාඩ් චෙක් කරනවා.

තිසරගේ ලිපිනය
තිසර කාවින්ද දිසානායක
අංක 86,
මල්වානේගම,
තලාව.
දුරකතන අංකය.
+94772786807

හිත ඇත්නම් පත කුඩාද කියල කියමනක් තියෙනවා.....

තිසරගේ ජිවිත කතාව හැමෝටම ආදර්ශයක් ඒ තිසර සතු නොපසුබට උත්සාහය නිසාමයි.

thisara-kavinda-disanayake

thisara-kavinda-disanayake-al-results

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මව පියා නැති - මිත්තනියත් ප්‍රතිඵල නොදැක සමුගත් අතරේ වෛද්‍ය පීඨයට ගිය පන්ති කාඩ් මාර්ක කළ තිසර"

    Post a Comment