14 January, 2017

වැඩිම ආදායමක් ලබන නළුවා හැරී පොටර් සල්ලිවලින් මුකුත්ම කරලා නෑ

daniel-radcliffe

ඩැනියල් රැඩ්ක්ලිෆ් අද වන විට ප්‍රසිද්ධව සිටින්නේ සුපිරි නළුවකු හැටියට විතරක්ම නොවෙයි. මහා ධනවතකු හැටියටත් ඔහුගේ නම රැව් පිළිරැව් දෙනවා.

මෑතකදී හෙළි වූ තොරතුරුවලට අනුව දැනට 27 වැනි වියෙහි පසුවන ඩැනියල් සතු වූ බැංකු ගිණුමක පවුම් මිලියන 64 කට ආසන්න මුදලක් පවතින බවයි පැවසෙන්නේ. මේ ප්‍රමාණය, ඔහු සතුව 2015 වසරේ තිබුණු මුදලට වඩා පවුම් මිලියන 4.5 ක වැඩිවීමක්ලු.

මේ අනුව බ්‍රිතාන්‍යයේ වෙසෙන නළුවන් අතරින් වැඩිම ආදායමක් උපයන්නේ ඩැනියල් බවයි එරට පුවත් වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට ඔහු තම ආදායමින් සෑහෙන ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර ඇතැයි ද පැවසෙනවා.

හොඳ අධ්‍යාපනයක් ද ලබා සිටින ඩැනියල් හෙවත් ‘හැරී පොටර්’, පසුගිය වසරේ පැවසුවේ තමන් සතු ආදායමින් වියදමක් නොකරන බවයි. “ඇත්තටම, මගේ සල්ලි වලින් මම කිසිම දෙයක් කරලා නැහැ.” ඩැනියල් එලෙස ප්‍රකාශ කර තිබුණා.

_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැඩිම ආදායමක් ලබන නළුවා හැරී පොටර් සල්ලිවලින් මුකුත්ම කරලා නෑ"

    Post a Comment