13 January, 2017

පන්සලේ පින්කැටේ බින්ද හොරු බුදු ගෙවල් හදන්න කතා කරනවා



"කෝටි ප්‍රකෝටි ගණනින් හැම රාජ්‍ය ආයතනයකින්ම කොමිස් ගහලා හොරකම් කරලා ඒ රාජ්‍ය ආයතන බේරාගන්න ඕනෑ කියා දැන් ප්‍රසිද්ධියේ කියනවා" යැයි ඇමැති ආචාර්ය සරත් අමුණුගම පැවැසීය.

හොරකම් කරපු හැම දෙනාටම නඩු දාන්න කියලා අපරාධ විනිශ්චය කොමිසමක් පත් කරන්න පනතක් මා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි, දැන් තියෙන නීතියේ ලොකු අඩුපාඩුකම් තියෙනවා. මහජන මුදල් හොරකම් කරපු එවුන්ගෙන් ඒ සල්ලි ආපහු ගන්න විදියක් නැහැ. 

උසාවියෙන් වැරැදි කරුවෙක් වුණොත් දඬුවම් දෙයි. කෝටි ප්‍රකෝටි ගණන් කොමිස් ගහලා දැන් මේ අය රාජ්‍ය ආයතන ගැන කතා කරනවා.

රාජ්‍ය ආයතන බේරගන්න ඕනෑලු. රාජ්‍ය සංස්ථා බේරා ගන්න ඕනෑලු. ඒවායින්නෙ මේ අය කොමිස් ගහලා තියෙන්නෙ. නොරොච්චෝලෙන්, හම්බන්තොට හාබර් එකෙන්, මත්තලින් කොච්චර කොමිස් ගහලා තියෙනවද? හැම රාජ්‍ය ආයතනයකින්ම හොරකම් කරලා කොමිස් ගහලා දැන් ප්‍රසිද්ධියේ කියනවා රාජ්‍ය ආයතන බේරගන්න ඕනෑලු. 

රාජ්‍ය ආයතන බේරා ගන්න ආශාවක් තිබුණානම් රාජ්‍ය ආයතන ගැන ආදරයක් තිබුණා නම් කරන්න තිබුණේ ඒකෙ සල්ලි ටික හොරකම් කරන එක නෙවෙයිනේ. මේක හරියට පන්සලේ පින්කැටේ හොරකම් කරලා පන්සලේ ප්‍රාකාරයක් බඳින්න ඕනෑ කිව්වා වගෙයි. පන්සෙල් පින්කැටේ හොරකම් කරපු මිනිස්සු තමයි, බුදු ගෙයක් හදන්න කතා කරන්නෙ. කොහොමද මේ රට ගෙනියන්නෙ. අපි දන්නවනෙ කවුද කියලා, එහෙම කරලා, දැන් කියනවා රාජ්‍ය ආයතන බේරාගන්න ඕනෑ කියලා.

වැරැදි, නිවැරැදිකරු කරන තීන්දුව එකක්. නමුත් මහජනයාගෙන් හොරකම් කරපු සල්ලි ආපසු ගන්න එක තව එකක්. ඒ නිසා මා ඉදිරිපත් කරන යෝජනාවේ හොරකම් කෙරුවාම දඬුවම් දෙනවා විතරක් නොවෙයි, ඒ අයගෙ වත්කම් රජයට ගන්න ශක්තියක් දෙන පනතක් තමයි මා ඉදිරිපත් කරන්නෙ. ජනතාව මා පාර්ලිමේන්තුවට යැව්වේ දූෂණය නවත්වන්නයි යනුවෙන්ද ඇමැතිවරයා පැවැසීය.

ආචාර්ය අමුණුගම_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පන්සලේ පින්කැටේ බින්ද හොරු බුදු ගෙවල් හදන්න කතා කරනවා"

    Post a Comment