13 January, 2017

“පුතාගේ ඇස්‌ ඉදිමිලා තිබුණා” – නිවසේ මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිඳ උසාවියට කී කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් වන නඩුව කඩුවෙල මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ ඉදිරියේ විභාගයට ගැනුණා.

මෙම සිද්ධියට අදාළ නඩුව පෙරේදා (11) විභාගයට ගැණුනු අතර එහිදී මරණ පරීක්‌ෂණයේ මූලික සාක්‌ෂි ඉදිරිපත් කරමින් ශෂී වීරවංශ අධිකරණය හමුවේ මෙසේ සඳහන් කර තිබෙනවා.

“මියගිය ළහිරු මගේ පුතාගේ හොඳම මිතුරා. කලක පටන් ඔවුන්ගේ සමීප ඇසුරක්‌ තිබෙනවා. බොහෝ දිනවලදී අපේ නිවසේ පුතා සමඟ රාත්‍රියට නවාතැන් ගන්නවා. ඒ වගේම සිද්ධිය වූ දින රාත්‍රියේත් ආවා. ඇවිත් පසුව ගෙදර ගිහින් කෑම කාලා ආපසු ඇවිත් ආන්ටි මං යන්න ද කියලා ඇහුවා

ඒ පුතාගේ ඇස්‌ ඉදිමිලා තිබුණා. පුතේ මේ මොකද? කියා මම ඇසුවා. නිදිමරල නිසා වෙන්න ඇති කියා ඔහු කීවා. ඊට පසු ඒ සියලු දෙනාම මට වැඳල උඩ තට්‌ටුවට ගියා. එයාලා ‘මූවි’ එකක්‌ බල බලා හිටියා. පසුව නිදාගෙන. මම උදේ තමයි දන්නෙ. උදේ 9.00 ට පමණ මගේ පුතා දුවගෙන ඇවිත් අම්මා ළහිරු අයියා නැඟිටින්නෙ නෑ කියා කීවා. මම කිව්වා පිස්‌සුද එහෙම වෙන්නෙ කොහොමද කියා. අම්මා ඇවිත් බලන්නකො විහිළු නෙමේ කියා පුතා
කීවා.

මම ළහිරුගේ අම්මා වන රූපිකාට දුරකථනයෙන් කතාකර පුතා නැඟිටින්නේ නෑ කියනවා කියා ඉක්‌මණින් එන්න කීවා. පස්‌සෙ මං රූපිකා ආවම රූපිකා එක්‌ක උඩට දුවනකොට අනේ මෙයාගේ තාත්තත් ඔහොමමයි නැතිවුණේ කියා අඬන්න ගත්තා. මගේ ළමයාට මොනව හරි වෙලා කීවා. ළහිරු මුනින් අතට මෙට්‌ටය උඩ සිටියා. අපි අනික්‌ පැත්ත හැරවුමාව මුහුණ අමුතු පාටක්‌ වී තිබුණා. නිවසේ රියදුරු සිටියේත් නෑ. මම වාහනයට දමාගෙන ජයවර්ධනපුර රෝහලට ගෙනගියා. එහිදී ළහිරු මියගොස්‌ බව වෛද්‍යවරු පැවසුවා”.

මෙලෙස මියගොස්‌ තිබුණේ හෝකන්දර දකුණු හෝකන්දර මංගල මාවතේ අංක 71 නිවසේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ළහිරු ජනිත් දිසානායක නමැති 24 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

මෙම නඩුවට අදාළ මරණයේ රස පරීක්‌ෂක වාර්තාව මෙතෙක්‌ ලැබී නොමැති අතර නඩුව නැවත ලබන මස 22 වැනිදා කැඳවීමට නියමිතයි.

vibhoothi-weeravansha-janith-sashee

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“පුතාගේ ඇස්‌ ඉදිමිලා තිබුණා” – නිවසේ මියගිය තරුණයා ගැන විමල්ගේ බිරිඳ උසාවියට කී කතාව"

    Post a Comment