12 January, 2017

ලෝකප්‍රකට තරු හතරක් ලංකාවේ ආයෝජනයට සැරසේ – පෙබරවාරි 04 ලංකාවට පැමිණේ

ලොව සුප්‍රසිද්ධ පුද්ගලයින් හතර දෙනෙක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් ආයෝජනය කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වනවා. 

ලංකාවේ එදා මෙදා තුර ක්‍රියාත්මක වන විශාලතම ආර්ථික ව්‍යාපෘතියක් වන “World Capital Centre” ව්‍යාපෘතියේ ඔවුන් මෙලෙස ආයෝජනය කිරීමට සූදානම් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ගොඩනැගිල්ල සාදා නිම කිරීමෙන් පසු ලොව විශාලතම ගොඩනැගිල්ල බවට පත්වනවා.

එලෙසම ලොව උසම ගොඩනැගිලි අතුරින් 09 වෙනි ස්ථානයට එය පත්වනාව. 

2020 දී සාදා නිම කිරීමට
නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා එළඹෙන පෙබරවාරි 04 එනම් නිදහස් දිaනය දා මුල් ගල් තැබෙනවා.

එදිනට මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන ලොව සුප්‍රකට තරු හතරම ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔවුන් කවුරුන්ද යන්න තොරතුරු ලද විගස හෙළිකිරීමට අප සූදානම්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලෝකප්‍රකට තරු හතරක් ලංකාවේ ආයෝජනයට සැරසේ – පෙබරවාරි 04 ලංකාවට පැමිණේ"

    Post a Comment