09 January, 2017

දුම්රියේදී අතරමංවූ දරුවෙකු වසර 21කට පසු ඕස්ට්‍රේලියාවේ සිට තම මව්රටට එයි

train-stranded-child-after-21-years-comes-to-return-to-australia-1

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි කන්දවල් නම් කඳුකර ගමක දිවි ගෙවූ සාරූ බ්‍රියර්ලි දිළිඳු පවුලක දරුවෙක්. දිළිඳු බව නිසාම සාරූගේ පවු‍ලේ අය ගොඩක් දුක්වින්දා. 

ඇතැම්විට ඒ අය දින දෙක තුන බඩගින්නේ ඉන්න අවස්ථාත් තිබුණා. ඒවගේ දවසක සාරූගේ වැඩිමහල් සොයුරා යෝජනාවක් කරා දුම්රිය‍පොළට ගොස් හිඟාකාලා හරි බඩගින්න නිවාගන්න. 

එතකොට සාරූගේ වයස අවුරුදු හතරයි. ඉතින් මේ අයියා මල්ලි දෙන්නා කන්දවාල් දුම්රිය‍පොළට ඇවිත් ටික වේලාවක් යනවිට කල්කටාව බලා යන දුම්රියක් පැමිනුණා.

ඉන්දියාවේ දුම්රිය ලංකාවේ වගේ නොවෙයි. මැදිරි 70 පමණ තියෙනවා. ඉතින් මගීන් පිරුණ දුම්රියට මේ දෙසොහොයුරෝ ගොඩවුණා. ටිකවේලාවක් යනකොට දෙන්නට කන්න වඩේ කිහිපයක් ලැබුණා. ඒ එක්කම ඊළඟ නැවතුමෙන් තවත් සියගණනක් දුම්රියට නැගුණා. මේ තදබදය අස්සේ මේ සොහොයුරන් දෙපැත්තට වුණා. අයියා හිතුවා මල්ලි ඉදිරියට ගියා කියලා. ඒ නිසා එයා ඉදිරියට ගියා. අන්තිමට දෙන්නට දෙන්නා මගහැරුණා.

අවසානයේදී අයියා සැතපුම් 200කට විතර පස්සේ දුම්රියෙන් බැස්සා. ඒත් පුංචි සාරූ දිගටම දුම්රියේ ගියා. දින දෙකකට පස්සේ මේ ‍පොඩිත්තා කල්කටාවෙන් බැහැලා තම සොයුරා හොයන්න ගත්තා. ඒත් ඒවනවිටත් අයියා ආපසු නිවසට පැමිණ සිටියා.

අවසානයේ සාරූ කල්කටාවේ දුම්රිය‍පොළ අවට හිඟාකන්න පටන් ගත්තා. දින ගණනකට පස්සේ මේ දරුවා ‍පොලීසිය විසින් අනාථ නිවාසයකට භාර දුන්නා. අවසන ඕස්ට්‍රේලියානු යුවළක් දරුකමට හදාගන්නට ගත් සාරූ නතර වූයේ ඕස්ට්‍රේලියාවේ. මේ එතැන් සිට ඔහුගේ කතාවය.

මට ඕස්ට්‍රේලියාවේ ඔක්කොම තිබුණා. ඒත් ටික ටික ලොකුවෙද්දි මගේ රට ගැන උනන්දුව වැඩි වුණා. මං හෙව්වා ඉන්දියාවේ තොරතුරු. මගේ දෙමාපියෝ, අයියා ඉන්දියාවේ බව මට වැටහුණා. මගේ නම විතරක් මට මතක තිබුණ නිසා අනාථ නිවාසේ අය ඒක මා හදාගත්ත ඕස්ට්‍රේලියානු පවුලට කියා තිබුණා.

ඉතිං ඒ ඔස්සේ ගූගල් සෙවුම් යන්ත්‍රය සහ තවත් සමාජ ජාලා වබේඅඩවි මගින් මම මගේ ගම්පළාත හොයා ගත්තා. මම අතුරුදන් වූ බව පළවූ පුවත්පත් දැන්වීමක් අන්තර්ජාලයේ මිතුරෙකු මට ලබාදුන්නා. අන්තිමට මම මගේ මව්බිම බලන්න ආයි ඉන්දියාවට ආවා...

එහෙම කියන සාරූ වසර 25කට පසු තමන්ගේ මව බලන්නට කන්දවාල් නුවරට ආවා. මැරිලා කියලා වසර 21ක් අමතක කරපු තම පුතා දුටු සාරූගේ මව ප්‍රීතියෙන් ඉපිල ගියා. 
 
තමාගේ අපූරු අත්දැකීම පිළිබඳ කතාව A Long way home නමින් ‍පොතකට ඇතුළත් කරන්නට සාරූ සමත් වුණා. ආපහු ඕස්ට්‍රේලියාවට ගියත් සාරූ නිතර ඉන්දියාවට එන්න බලා‍පොරොත්තු වෙනවාලු. දැන් සාරූ ඉතා ජනප්‍රිය චරිතයක්. ඔහුගේ කතාව ලක්ෂ ගණනක් අන්තර්ජාලය ඔස්සේ කියවා තිබෙනවා.

- තරූෂ ප්‍රනාන්දු

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුම්රියේදී අතරමංවූ දරුවෙකු වසර 21කට පසු ඕස්ට්‍රේලියාවේ සිට තම මව්රටට එයි"

    Post a Comment