09 January, 2017

හමුවක් සමඟ ඉල්ලීමක්

maithripala-sirisena-cartoon

ඒකාබද්දෙ ඉන්න ඈත පළාතක් නියෝජනය කරන මන්ත්‍රීසයිස් දෙන්නෙක් පසුගියදාක රටේ ලොකු මහත්තය ඉතාම පෞද්ගලික මට්ටමින් හම්බවුණාලු...

හම්බ වුණේ තමන්ට බලපාලා තියන ප්‍රශ්න ගණනාවක් ගැන කතා කරන්න කියලයි ආරංචි...

තමන්ගෙ ප්‍රශ්න ගැන කරපු සාකච්ඡාවේදී වෙල්ලස්ස පැත්තෙ දිසාවකින් බේරිලා ආපු මහත්තයෙක් තමන් දැනට ගොඩ එන්න බැරි ආර්ථික ප්‍රශ්න වගේක පැටලිලා ඉන්නවය කියලා උන්නැහේ ලොකු මහත්තයට කියලා ඒවා විසඳගන්න උදව්වක් එක්ක අඩුම තරමින් උප ඇමැති සයිස් වැඩක්වත් දෙනවනම් ලොකු මහත්තයගෙ පැත්ත බලන්න සූදානම් කියල පොරොන්දුවකුත් දීලා...

ඊළඟට ලොකු මහත්තය මුණගැසුණේ ඈත පළාතතින් ආපු බොහොම සිරියාවන්ත නෝන මහත්තයෙක්ලු. තමනුත් ප්‍රශ්න මැද ඉන්න බව කියල එයත් ඉල්ලල තියෙන්නෙ උප ඇමැතිසයිස් පට්ටමක්... ඒ ඉල්ලීම් ආවාම ලොකු මහත්තය හොඳයි බලමු කියා උත්තරේ විතරලු දුන්නෙ...

ඒනිසා මේ මන්ත්‍රී මහත්තයයි, මන්තිරී නෝනයි තරමක් කනස්සල්ලෙන් ඉන්නව කියලයි කියැවෙන්නෙ.

_දේශය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හමුවක් සමඟ ඉල්ලීමක්"

    Post a Comment