08 January, 2017

සංසාර පුරුද්දද මේ..!

this-practice-samsara

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ඇතම් ක්‍රියා බොහෝ දෙනකුට රුස්සන්නේ නැත. එහෙත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම පොලිසියට එල්ලවන බොහෝ චෝදනා අපවාද මකා දමන්නට තරම් සමත්ය. මේ දසුනද එවැන්නකි.

නිසඳැස් කවි ගී අරණ ෆේස් බුක් සමූහය පලවූ ඡායාරූපය සහ කව පහතින් රස විඳින්න…

වීදියේ පිඩුසිගා වඩින
ඔබ වහන්සේ දුටුවම
මගේ හිත නම් පුදුම විදියට නිවුනා
අපේ හාමුදුරුවනේ ,
ඒක
සංසාරේ පුරුද්දක්ද කියන්න
මම නම් දන්නේ නෑ………..
සංසාරේ කෙටි කරගන්න
ඔබ වහන්සේ එක්ක මේ වතාවේ නම්
මට එන්න බැරි වෙයි….
ඒ රට වෙනුවෙන් මට තව යුතුකම්
ටිකක් ඉෂ්ට කරන්න තියෙන නිසා…….
ඔබ වහන්සේ කසාවත දරාගෙන
දහම් දේශනා කරලා සමාජය සුවපත් කරනවා
මම කාකි ඇදුම ඇදගෙන
නීති ක්‍රියාත්මක කරලා සමාජය යහමගට
ගන්න උත්සාහ කරනවා…
ඒත් මට ඔබ වහන්සේ වගේ නෙවෙයි,
සමහර තැන් වලදි ,
දරදඬු වෙන්න වෙනවා……
හිත රළු කරගන්න වෙනවා
ඒ නිසා ඔබ වහන්සේට වගේ මට
කවදාවත් නම්බුනාම ,ප්‍රශංසා නම්
අහන්න ලැබෙන එකක් නෑ…..

මිනිස්සු ගොඩක් මතුපිටින් පේන
දේ විතරක් විශ්වාස කරන්න පුරුදු වෙලා
ඉන්න නිසා………….
එකෝ මත් එක රටක්

this-practice-samsara-2

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංසාර පුරුද්දද මේ..!"

    Post a Comment