18 November, 2016

පොඩි නම ඉන්න තැන කියන්න 'ඊසි කෑෂ්' කරන්න කියළා

විහාරස්ථානයකින් අතුරුදන් වූ කුඩා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නා තැන පැවසීමට දුරකතනයකින් රුපියල් 5,000ක් ඊසි කෑෂ් එකට බැර කරන ලෙස ඉල්ලා සිටි අයකු අත්අඩංගුවට ගැනීමට පානදුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පානදුර පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව සිද්ධිය මෙසේය.
පානදුර වලානේ විහාරස්ථානයක සිටි 13 හැවිරිදි පල්ලේගම චන්ද්‍රරතන නමැති කුඩා ස්වාමීන් වහන්සේ නමක් එගොඩඋයන මෛත්‍රි පිරිවෙනට පසුගිය 11දා වැඩම කර ඇති අතර එදා සිට මේ සාමනේර හිමිනම අතුරුදන්වී තිබේ. 

වලාන විහාරාධිපති උඩුගෝමඩියේ ආනන්ද හිමියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 

style="font-size: large;">පැමිණිල්ල දැමූ දිනට පසුදින උන් වහන්සේගේ දුරකතනයට නොහඳුනන අයකු කතා කොට නැතිවූ පොඩි හාමුදුරුවන් ඉන්නා තැන කීමට නම් රුපියල් 5,000ක් ඊසි කෑෂ් කරන්නැයි දන්වා ඇත.

ඉන්පසු විහාරාධිපති ආනන්ද හිමියන් එම ඇමතුම සම්බන්ධයෙන්ද පානදුර පොලිසියට පැමිණිලි කර තිබේ.

පානදුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රූපරත්න මහතා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


monk-guy

කළුතර - රූපරත්න පියදාස - මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පොඩි නම ඉන්න තැන කියන්න 'ඊසි කෑෂ්' කරන්න කියළා"

    Post a Comment