18 November, 2016

සිව්දෙනකු මරා දැරියක කෙළෙසූ හිටපු සිවිල් ආරක්‍ෂක භටයා ගස්‌

පුද්ගලයන් සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හා 16 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස්‌ අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව චෝදනා ලැබූ හිටපු සිවිල් ආරක්‍ෂක භටයකුට පුත්තලම මහාධිකරණ විනිසුරු ඒ. කේ. ඩෙප්ත් මහතා ඊයේ (17 දා) මරණ දඬුවම නියම කළේය.

2008 වර්ෂයේ අප්‍රේල් මස 06 වැනි දින අලුයම පුත්තලම අධිකරණයේ රාජකාරි කරමින් සිටියදී ටී 56 රාජකාරී ගිනි අවිය රැගෙන ගොස්‌ පුත්තලම අධිකරණ බල සීමාව තුළ පිහිටි සාලියවැව පොලිස්‌ වසමේ ඉහළ පුලියන්කුලම මහගම ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එම නිවසේ සිටි සිව්දෙනකු වෙඩි තබා මරා දමා, දැරියක කැලෑවට රැගෙන ගොස්‌ බිය වද්දවා අතවර කිරීම සම්බන්ධව චූදිතට මෙලෙස දඬුවම් නියම විය.

මෙලෙස මරණීය දණ්‌ඩනය නියම වූයේ ඉහළ පුලියන්aaකුලම පදිංචිව සිටි සිවිල් ආරක්‍ෂකයකු වූ
සේනාධිපති මුදියන්සේලාගේ අජිත් පුෂ්පකුමාර (41) නමැති අයකුටයි.

අතවරයට ලක්‌ වූ දැරියට රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක්‌ ගෙවීමට හා එම මුදල නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක්‌ විත්තිකරුට නියම කෙරිණි.

රජයේ අධි නීතිඥ කනිෂ්ක රණසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ඉස්‌නි ඉක්‌බාල් මහතා චූදිත වෙනුවෙන් පෙනී සිටියේය.

soldier-rape-girl

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ - දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිව්දෙනකු මරා දැරියක කෙළෙසූ හිටපු සිවිල් ආරක්‍ෂක භටයා ගස්‌"

    Post a Comment