18 November, 2016

හෝටල් කාමරයට රිංගා විදෙස්‌ කතට අතවර කරන්න හැදූ සැකකරු දැලේ

- කාමරයට රිංගූ පුද්ගලයා අල්ලන්න කාමරයට රිංගූ පුද්ගලයාත් ඇවිත්

සංචාරයක්‌ සඳහා පැමිණ ගාල්ල කොටුවේ හෝටලයක නතරව සිටි ඕස්‌ටේ්‍රලියානු ජාතික කාන්තාවකගේ කාමරයට රාත්‍රි කාලයේ රිංගා ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙක්‌ පෙරේදා (16 දා) සවස ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝටල් හිමිකරුගේ මිතුරකු වන දෙහිවල ප්‍රදේශයේ පදිංචි හතළිස්‌ තුන් හැවිරිදි පුද්ගලයෙකි.

තිස්‌ හතර හැවිරිදි මෙම කාන්තාව කොළඹ සිටින මිතුරකු සමඟ පසුගිය 14 වැනිදා ගාල්ලට පැමිණ කොටුවේ සංචාරක හෝටලයක නතර වී තිබේ. 

ඇය එක කාමරයකත්, මිතුරා තවත් කාමරයකත් නිදා සිටියදී කිසිවකු ඇයගේ ඇඳ මත සිට ඇඳුම් ඉවත්කරනු දැනී අවදිවී කෑ ගසා ඇත.

ඒ සමඟම කාමරයේ සිටි පුද්ගලයා කාමරයෙන් පිටව ගොස්‌ ඇති අතර හෝටලයේ කළමනාකරු, සේවකයන් සහ ඇයගේ මිතුරාද හෝටලයේ සිටි අයිතිකරුගේ මිතුරාද පැමිණ සෝදිසි කර ඇතත් කිසිවකු සොයා ගැනීමට හැකිවී නැත.

සෝදිසියේදී හෝටලය අයිතිකරුගේ මිතුරාද දැඩි වෙහෙසක්‌ දරා එම කටයුතුවලට එක්‌වී තිබේ. 

පසුව ආරක්‌ෂිත කැමරා පද්ධතිය පරීක්‍ෂා කර බැලීමේදී කාමරයට රිංගා ඇත්තේ හෝටලය අයිතිකරුගේ මිතුරා බවට හඳුනාගෙන ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන ගලප්පත්ති, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක උදයකුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‍ෂිකා මංගලිකා සූරිආරච්චි, සැරයන් සමරනායක (25312), කොස්‌තාපල් මධුසංක ((60658) යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඊයේ (17 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

rape-06

අහංගම - සුගතපාල දීයගහගේ - දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හෝටල් කාමරයට රිංගා විදෙස්‌ කතට අතවර කරන්න හැදූ සැකකරු දැලේ"

    Post a Comment