16 November, 2016

අනියම් පෙම සොයා ගිය බිරිඳව ඩ්‍රෝන් කැමරාවෙන් සැමියා අල්ල ගත්ත හැටි

වර්ථමානයේ තියෙන තාක්ෂණයත් එක්ක හොරුන්ට වගේම බොරුකාරණයන්ට බේරෙන්න හරිම අමාරුයි.

ඒකට හේතුව දැන් හැම තැනකම CCTV ආරක්ෂිත කැමරා සවි කර තිබීම.

ඒ වගේම තමයි ඩ්‍රෝන් කැමරාත් මේ වෙන හැමකෙනෙක්ම වගේ හරි හරියට භාවිතා කරනවා..

විනෝදාංශයක් විදිහට ඩ්‍රෝන් පාවිච්චි කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්ට පහුගිය දවසක තමන්ගේ ඩ්‍රෝන් එකෙන් දැකපු දෙයක් නිසා තමන්ගේ පවුල් ජීවිතයම නැතිව ගියා.

ඒක සිද්ධ වුනේ මෙහෙමයි.

මේ පුද්ගලයා තමන්ගේ නිවස අවට වීඩියෝ දර්ශන ලබාගන්න ඩ්‍රෝන් කැමරාව ගුවනට යොමු කළා.

ඊට පස්සේ මේ පුද්ගලයා දැකලා තියෙනවා තමන්ගේ බිරිද පාරේ ඇවිදගෙන යමින් ඉන්න අයුරු.

තමන්ගේ බිරිද යන තැන බලන්න කියා විනෝදෙට මේ පුද්ගලයා ඩ්‍රෝන් කැමරාව පසුපසින් යවා තියෙනවා.

ඒත් නොසිතූ විදිහට මොහුට දකින්න ලැබෙන්නේ තමන්ගේ බිරිද තවත් පුද්ගලයෙකු සිපගෙන ඔහු සමග වාහනයක නැග යන දර්ශනයයි.

ඒත් එක්කම මොහු පවසනවා තමන්ගේ අවුරුදු 18ක ආදරය සහ විවාහය බිදී ගිය බව.

wife-cough-to-husband-because-of-drone-camera



_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් පෙම සොයා ගිය බිරිඳව ඩ්‍රෝන් කැමරාවෙන් සැමියා අල්ල ගත්ත හැටි"

    Post a Comment