16 November, 2016

කෙල්ල දැකපු කොල්ලා කුලප්පුවී 75 සීයාගේ කකුල යට කරලා

තම පෙම්වතිය සොයා මෝටර් රථයකින් පිම්මේ පැමිණි පෙම්වතකු මාර්ගය අයිනේ සිටි වයස අවුරුදු 75ක් වූ සීයා කෙනකුගේ පාදය මතින් මෝටර් රථය පැදවීම නිසා අනතුරට පත් සීයා රෝහලට ගෙන යෑමට මෝටර් රථය හරවා ගෙන එන්නේ යැයි පවසා අසල සිටි පෙම්වතියද රියට නංවාගෙන පලා යෑමේ සිද්ධියක් පසුගියදා (13දා) තලාතුඔය නගරයෙන් වාර්තා විය.

මාර්ගය පසෙකින් ඉතා සෙමින් පැමිණ ඇති සීයා තලාතුඔය පාලම උඩදී මෙම අනතුරට ලක්ව ඇත. 

පාලමට මඳක් නුදුරින් පෙම්වතිය සිටිනු දැක එදෙසට වේගයෙන් රිය පදවා ඇති ප්‍රේමවන්තයා සීයාගේ පාදය මතින් රිය ධාවනය කර ඇති අතර අවට සිටි අයගේ කෑකෝ ගැසීම් මත රිය හරවාගෙන විත් රෝහලට යන බව පවසා පෙම්වතිය මෝටර් රථයට නංවා ගෙන පලාගොස් තිබේ.

තලාතුඔය පොලිසිය මඟින් අදාළ මෝටර් රථයේ අංකය සහ හිමිකරුවා මේ වන විට හඳුනාගෙන ඇති අතර නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබේ.

acciedent-01

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෙල්ල දැකපු කොල්ලා කුලප්පුවී 75 සීයාගේ කකුල යට කරලා"

    Post a Comment