තමා සිහිනෙන් දුටු නිධානය ලබා ගැනීමට බිරිඳ තදින් විරෝධය පෑම නිසා ඇයත් දරු දෙදෙනාත් කපා කොටා මරා දැමූ බවත් තමා එය කළේ බල යෝගයකින් බවත් ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේදී පෙරේදා (13 වැනිදා) තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය කළ සැකකරු වන හින්දු පූජකයකු ලෙස කටයුතු කරන 33 හැවිරිදි තුරෙයි රාෂා ලක්‌ෂ්මන් නමැත්තා ඊයේ (14 වැනිදා) උප්පුවේලි පොලිසියට ප්‍රකාශ කර ඇත.
ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිකුණාමලය වැඩබලන මහෙස්‌ත්‍රාත් විශ්වන්ත ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ප්‍රකාශ කරන්නේ තමන්ට කන්නියාව ප්‍රදේශයේ නිධානයක් තිබෙන බව හීනෙන් දැන්වූ බවත් තමන් හින්දු පූජකයකු ලෙස කටයුතු කරන බවත්ය.

නිධානය ගැනීමට බිරිඳත් සමඟ කතා කළ විට ඇය නිතරම එයට විරුද්ධව කතා කළ බවත් සැකකරු පවසයි.
“මේ නිධානය නිසා ගෙදර නිතර නිතර ප්‍රශ්න ඇතිවුණා. පවුල ළමයින් සමඟ අක්‌කලාගේ ගෙදර ගියා. මම ගෙදරට ගිහින් පවුලට කිව්වා නිධානය ගැන. එයා විරුද්ධ වුණා.

පස්‌සේ මම පවුලට එකක් ගැහුවා. පස්‌සේ මොනවා වුණාද දන්නේ නැහැ. මට මතකයි කට්‌ටියව කපනවා. එච්චරයි මම දන්නේ. මට බලවේගයක් ඇති වුණා ඒ වෙලාවේ.
පස්‌සේ තමයි මම දන්නේ පවුලයි ළමයින්වයි කපලා කියලා” යෑයිද සැකකරු වන තුරෙයි රාෂා ලක්‌ෂ්මන් නමැත්තා උප්පුවේලි පොලිසියේදී පාපෝච්චාරණය කර තිබේ.
මියගිය අයගේ සොහොයුරිය වන ජයචන්ද්‍රන් සත්‍යානී (32) අප සමඟ මෙසේ කියා සිටියාය.
මගේ නංගී ඇවිත් මට කිව්වා මහත්තයා නිතරම නිධානයක් ගැන කියනවා. කවුරු හරි බිලි දෙන්න ඕනෑ කියනවා. මට මගේ ළමයින් දෙන්න ගැන බයයි කියා.
මම නංගිට අපේ ගෙදරට ඇවිත් ඉන්න කිව්ව. සිද්ධිය වූ දින උදේ නංගි ළමයින් දෙන්න එක්‌ක ආවා. එයාගේ මහත්තයත් ආවා. මම එළවළු ගේන්න ගියා. එනකොට ගේ දොරවල් වසා දමා තිබුණා. යටගිරියෙන් දරුවෝ කෑගහනවා ඇසුණා.

මම 119 දුරකථන අංකය ඔස්‌සේ සිද්ධිය ගැන පොලිසියට කිව්වා. නමුත් පැයක් විතර ගියා පොලිසිය එන්න. ළඟ පාත අයත් එක්‌ක එකතු
වෙලා ජනේලය කැඩුවා. කඩුව අතේ තියාගෙන සිටි නංගිගේ සැමියා ආවොත් තොපි මරන බව කිව්වා.

ඒ වන විටත් නංගී පණපිටින් බිම වැටිලා හිටියේ. දුවලා දෙන්නා මැරිලා වගේ වැටිලා හිටියා. බිත්ති පුරාම ලේ විසිරිලා තිබුණා. මස්‌සිනා මතුර මතුරා තමයි ගෙයි හිටියේ. ඉක්‌මනින් කවුරු හරි ආවනම් බේරගන්න තිබුණා.
සැකකරුගේ මිත්‍රයකු වන ආර්. ගඡේන්ද්‍රන් (38)-
මෙයා පූජක වැඩ තමයි කරන්නේ. මාස 07 කින් මේසන් වැඩට ගියේ නෑ. කෝවිල්වල පූජා වැඩ කර කර ඉන්නවා. මෙයාගේ තාත්තත් ඉස්‌සර අම්මට ගහලා මරලා තිබුණා.

ඒ වගේම තමයි මේකත් කරලා තියෙන්නේ. මෙයා පුලියන්කුලමේ කෝවිලේ පූජකයා ලෙස කටයුතු කළා. ගිය මාසෙ පෝයට කලින් දින නිර්වස්‌ත්‍රව ආවේශ වීම නිසා ගමේ අය ගහලා පැන්නුවා.
එච්. කිලිපන් (24)
මම මෙම නිවසට යාබදව ජීවත් වෙනවා. සිද්ධිය සැලවූ සැණින් නිවසට ගොස් ජීවිත බේරා ගැනීමට උත්සාහ කළා. නමුත් ගම් වැසියන්ගේ විරෝධය නිසා නිවස කැඩීම නතර කර 119 දුරකථන අංකය අමතා පොලිසියට දැන්වූවා.
මම එනකොට ගේ ඇතුළේ මතුරන ශබ්දයක් ඇසුණා. ඒ එක්‌කම යටගිරියෙන් ළමයෙක් කෑගැසුවා. අපි දොරවල් කඩන්න බැලුවා. බැරි වුණා.

_ගොසිප්කින්ග්
Share this
|
|
0 Comment to "බිරිඳ හා දරු දෙදෙනා මැරූ පුද්ගලයා උසාවියේදි කිව්ව සිහින කතාව "
Post a Comment