15 November, 2016

කිලෝ මීටර් 2000කට වඩා දුර ගෙවාගෙන ලංකාවට පැමිණි අමුත්තා අද ඔහුගේ ලෝකයට යයි

ශ්‍රී ලංකාවට පැමිණෙන දුර්ලභ ගණයේ සංචාරක පක්ෂියෙක් කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ වැටි සිටියදී සොයාගෙන තිබෙනවා.

එම පක්ෂියා කොළඹ විශවවිද්‍යාලයට රැගෙන ගොස් පතිකාර ලබාදුන් බවයි එම විශවවිද්‍යාලයේ ආචාර්ය සමපත් සෙනවිරත්න පැවසුවේ.

මේ සංචාරක පක්ෂියා ගිනිකොන දිග ආසියාවේ සිට පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.

"රෑ කොකා" ලෙස හඳුන්වන මේ පක්ෂියාගේ විද්‍යාත්මක නාමය වන්නේ Malayan Nithe Seron.

සංචාරක පක්ෂීන්ට ශ්‍රී ලංකාව වැදගත් වන්නේ මෙරටට පැමිණෙන පක්ෂීන්ගේ මාර්ගවලින් බටහිර මාර්ගය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයෙන් වීමත් නැගෙනහිර මාර්ගය ඇත්තේ යාපනය ප්‍රදේශයෙන් වීමත්ය.

බටහිර මාර්ගයෙන් පැමිණෙන පක්ෂීන් කොළඹ නගරයේ ඇති නාගරිකත්වය හේතුවෙන් වෙහෙසකර බවට පත්වීම නිසා මෙවැනි අනතුරුවලට පක්ෂීන් ලක්වන බවයි ආචාර්යවරයා තවදුරත් සඳහන් කළේ.

එම පක්ෂියා මේ වෙද්දී නිරෝගී තත්ත්වයෙන් සිටින අතර අද සන්ධ්‍ය කාලයේදී නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි තෙත් භූමියකට මුදා හැරීමට නියමිතයි.

malayan-nithe-seron-01

malayan-nithe-seron-02

malayan-nithe-seron-03

malayan-nithe-seron-04

malayan-nithe-seron-05

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කිලෝ මීටර් 2000කට වඩා දුර ගෙවාගෙන ලංකාවට පැමිණි අමුත්තා අද ඔහුගේ ලෝකයට යයි"

    Post a Comment