15 November, 2016

තරුණ ව්‍යාපාරිකයෙක් ලෙස ජීවිතය ගොඩනැගුව තාරුක නොසිතූ මොහොතක සියල්ල අතහැර යන්න ගිහින්

ජීවිතය ටිකෙන් ටික ගොඩනගාගනිමින් තාරුක සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වුණේ ඔහුගේ දැඩි උත්සාහය නිසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ තරුණයන් අතර යහළුවෙක්, සහෝදරයෙක් ලෙස සැමගේම සිත්වල සිටි සංජන තාරුක හිත හොඳ තරුණයෙක් කියලයි ඔහුගේ යහළුවන් කිව්වේ.

නමුත් ඒ සියල්ලම එක මොහොතකින් මේ සියල්ලම අහිමිවේ කියා ඔහුට මොහොතකට හරි සිතෙන්නේ නැතුව ඇති.

ඒ සියල්ල එලෙස වෙද්දී පසුගිය 07 වනදා නිවසින් පිටවුයේ සිය ව්‍යාපාරය නිසා ලබාගත් යතුරුපැදියකින් තම පෞද්ගලික ගමනක් යාමටයි.

ඒදා ඔහු නිවසින් එනවිට මේ එන්නේ අවසන් ගමන බව තාරුක සිතුවේ නැහැ.

ඔහු පැමිණි යතුරුපැදිය ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු පැමිණි යතුරුපැදියක ගැටුණා.

එම අනතුර ඉතා බිහිසුණු එකක් වූ අතර යතුරපැදි දෙකම මුහුණට මුහුණ ගැටීමෙන් ඒ අවාසනාවන්ත සිදුවීම සිදුවුණා.

එම අනතුරින් පොලිස් නිලධාරියා මියගිය අතර තාරුක මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයටද ඇතුළත් කළා.

නමුත් තාරුක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප අතරින් සදහටම සමුගෙන ගියේ ඊයේ (12) දිනයේදී මළ හිරු බසිනා මොහොතේදීයි.

ඔහුගේ මිතුරන්ද සිය මිතුරා වෙනුවෙන් ශෝකය පලකර තිබුණා.

තාරුකගේ ඡායාරූප කිහිපයක් පහතින්...










_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණ ව්‍යාපාරිකයෙක් ලෙස ජීවිතය ගොඩනැගුව තාරුක නොසිතූ මොහොතක සියල්ල අතහැර යන්න ගිහින්"

    Post a Comment