19 October, 2016

මම මැරුණට පස්සේ උඩට පාවෙලා ගියා, අවමගුල් පෙරහැරත් එක්ක මමත් අඬමින් කනත්තට ගියා

"මම දැක්ක ලොරිය අලියෙක් වගේ නිවස කඩාගෙන එනවා."

යම් පුද්ගලයකු තුළ ඇතිවන මනස හා සම්බන්ද වන ශක්ති කඳම්භයක් ලෙස පුද්ගලයන් තම කර්ම ශක්තින් රැස් කරයි.

සෑම මොහතකම මනුෂ්‍ය විසින් සිදුකරන දෑ මගින් සිදුවන්නේ මානසික ශක්තියක් ගොඩනැගීමයි.

මේ සෑම සිතුවිල්ලක් තුළම කුසල කුසල කර්ම ඇතුළත්ව ඇති බවයි බුදු දහමේදී මෙය පැහැදිළි කරන්නේ.

එලෙස ගොනා පසුපස බැඳී කරත්තය මෙන් පැමිණි කර්මය විපාක දුන් කතාවක් පර්යේෂණ නිලධාරි නීල් ජයතු සිරිවීර විසින් හිරු ගොසිප් සඳහා අනාවරණ කළේ මෙලෙසයි.

සුගත් වයස අවුරුදු දහය වන විට කඩියකු මෙන් ක්‍රියාකාරී දරුවකු වූ නිසා සොයුරියන්ට ඔහු බලාගැනීම අපහසු වූයෙන් සොයුරාට දඟකාරයා යන්න පටබැදිණි.

එසේ කියන විට සුගත් සොයුරියන්ට පැවසුවේ මම ඔයාලයි ගෙදර කෙනෙක් නොවෙයි.මම වෙන ගෙදරක දරුවෙක් ඇයි මම තියාගන්නේ යනුවෙනි.

සොයුරියන්ට මෙය වැදගත් නොවූයේ සුගත්ට කේන්ති පැමිණිවිට එසේ කියන බව දන්නා බැවිණි.

මේ ආකාරයෙන් විවිධ අවස්ථාවන්හිදි සුගත් සොයුරා කියන කරුණු සැලකිල්ලටගත් වැඩිමහල් සොයුරිය එක් දිනක සුගත් එසේ කියනවිට වැඩි විස්තර අසන්නට විය.

ඔයා මෙහේ නොවේ නව් කොහේද හිටියේ ?

ඹම හිටියේ පන්සලට හැරෙන හන්දියේ ගෙදරක ඔයාල දන්නේ නැහැ.

මල්ලී ඔයා කියන්නේ බොරු. මොන පන්සල ලඟ හන්දියෙද ?

මෙහා හන්දිය. ඔයාල ඒක දන්නේ නැද්ද.

සොයුරිය මෙම කතාව දෙමාපියන්ට පැවසිමෙන් පසු සුගත් පෙර ආත්මයක තොරතුරු පවසනවාද යන්න පිළිබද දෙමාපියන්ට සැකයක් මතුවිය.

තවත් දිනක නිවස ඉදිරිපිට විශාල ලොරියක් නතර කිරීමත් සමඟම සුගත් නිවස ඇතුළට දිවගියේ මහත් බියටපත් ආකාරයෙනි.

මම මැරුනෙත් ඔයවගේ ලොරියකට යටවෙලා.

ගේ කඩාගෙන ලොරිය ආවා. අම්මෝ මටනම් එළියට යන්න බැහැ.

සුගත් එසේ කියමින් නිවස ඇතුළට පැමිණි පසු ලොරිය යනතෙක් එළියට නොපැමිණියේය.

මේ ආකාරයේ කතාබස් සුගත් විටින්විට කියන්නට වූයෙන් ස්ථිර ලෙසට දරුවා පෙර ආත්මයක යම් තොරතුරු හෙළිකරන බව පෙනී ගියේය.

දිනක් වැඩිමහල් සොයුරිය මහින්දගෙන් ඇසුවේ මල්ලීට පුළුවන්ද අපි එක්ක ගියොත් කළින් හිටිය ගෙදර පෙන්වන්න.

සුගත් එක් වරම කීවේ එක්ක යන්න. පෙන්වන්නම් යනුවෙනි.

කියන්න ඒ ගෙදරට යන හැටි සුගත් ටිකක් වේලාවක් කල්පනා කරමින් සිට පැවසුවේ මෙලෙසයි.

හරි මම කියන්නම් ලොකු පාලම තියෙන්නේ.එතන පහුකරල යනවා ඇල දිගේම යන කොට පාරක් අහුවෙනවා.

එතනින් එහා පාර අයිනේ තියන ගේ මම පෙන්වන්නම්. එක්ක යන්නකෝ.

එතැන් සිට සැම අවස්ථාවකදිම සුගත් සොයුරියන්ට කියන්න වූයේ තමා කළින් සිටි නිවසට ගෙනයන ලෙසිනි.

සුගත්ගේ බලවත් ඉල්ලීමට පිටුපැමට නොහැකි නිසා දෙමාපියන් සහ සොයුරියන් දෙදෙනා මහින්ද සමග එම නිවස ආසන්නයට ගියේය.

අර පේන්නේ මගේ ගෙදර.

මම මැරුනේ ඒ ගෙදර දවසක් ඉස්සරහා පැත්තේ සෙල්ලම්කරමින් ඉන්නකොට. ලොකු ලොරියක් කඩාගෙන ගේ පැත්තට ආවා.

මම බෝලේ දාල දුවන්න ගත්තා. මම දැක්ක ලොරිය අලියෙක් වගේ කඩාගෙන එනවා. මට මතකයි.

දෙමාපියන් වැඩි විස්තර අසා ගැනිම කල්තබා මහින්ද රැගෙන පැමිණියේය. එතැන් සිට මහින්ද විටින් විට පර ආත්මයේ තොරතුරු හෙළිකරන්නට වුයේ දෙමාපියන් පුදුමයට පත් කරමිනි.

මම එක්කරගෙන යන්නේ නැද්ද මම ඉර හිටිය ගෙදරට ?

පුතා කියන්නේ ඇත්තද පුතේ ?පුතා මැරුන කිව්ව නේද ලොරියට යටවෙලා. ඊට පස්සේ කොහාටද අරන් ගියේ ?

කනත්තට.

කොයි කනත්තටද ?

හන්දියෙන් එහා තියන කනත්තට. මමත් ගියා පස්සෙන් අඬ අඬ ගියා එත් කවුරුවත් මම දැක්කේ නැහැ. මම උඩට වෙලා හිටියා.

මම පුතුගේ පෙර ආත්මයේ කතාවේ ඇත්ත නැත්ත සෙවීමට දෙමාපියන් තීරණය කළේය.

ඒ අනුව දෙමාපියන් මහින්ද හෙළිකරන තොරතුරු සෙවීමට අනතුර සිදුවු නිවසට ගියේය.

එහිදී සිය පුතු හෙළිකරන තොරතුරු වල නිවැරදි භාවය සොයාබැලීම සිදුකළේය.

එහිදී පැහැදිළි වූයේ සුගත්ගේ පෙර ආත්ම භවයේදී ඔහු හඳුන්වා ඇත්තේ කුමාර යනුවෙනි.

කුමාරගේ උප්පත්තියෙන් අවුරුදු තුනේදී මව මියයාමෙන් පසු කුමාර හදාවඩාගෙන ඇත්තේ මවගේ සොයුරියක් විසිනි.

එය නොදත් කුමාර සිය මව ලෙසට හැඳින්වුයේ මරණයට පත් මවගේ සොයුරියයි.

එම ඡායාරූප පවා මවුපියන් දැක ගත්තේය. එහිදී ඔවුන් විස්තර කළේ පෙර ආත්මයේදී පුතා හැඳින්වූයේ කමල් යන නාමයෙන් බවයි.

ඒ ආත්මයේදීද දඟ තකාරයකු වු කමල් පාසල් ගොස් පැමිණි පසු සෑම දිනකම සවස් යාමයේ පාර අසල මිදුලේ බෝල ගසමින් සිටින බවය.

එදින සවස විශාල ශබ්දයක් ඇසී දිවවිත් බලන විට ලොරියක් නිවසේ ඉස්තේපිප්වේ බිත්ති කඩාගෙන නිවසට ඇතුළූව තිබූ බවත් අවට පරිසරය දුමින් වැසී ගොස් තිබූ බවත් කමල් මිදුලේ සිටි බව දැණගැනීමෙන් අසල් වැසියන් කමල් සොයමින් ලොරිය යට සොයාබැලූ බවත්ය.

මේ පිළිබදව සුගත් හෙලිකළ තොරතුරු මවගේ තොරතුරුවලට සමානවිය. ඔබ කොහොමද දැක්කේ ඔබ ලොරියට යටවෙනවා කියලා ?

මම සෙල්ලම් කර කර හිටියා

කවුරු එක්කද ?

තනියම සෙල්ලම් කළේ.

පාර අයිනේ සෙල්ලම් කර කර ඉන්න කොට පරෙ පරත්තෙන් ආපු ලොරියක් එකපාරටම මම ඉන්න පැත්තට විශාල ශබ්දයක් ඇති කරමින් කඩාගෙන ආවා.

මම දැක්කේ අලියෙක් එනව වගෙයි.

මම දුවන්න හැදුවා දුම් ගොඩකට මම මැදිවූණා.

ඉන්පසුව සිදුවූ දේ ඔහුට මතක නොවිය.

සුගත්ට එතනින් එහාට කිසිවක් මතක නැතිවන්නේ හදිසි අනතුරකදී ඇතිවන කම්පන තත්ත්වය මානෝකාය තුල දීර්ඝකාලයක් තැන්පත්ව තිබීමෙනි.

එහෙත් එක් අවසතාවකදී සුගත් තමාගේ මළසිරුර පෙට්ටියේ තබා නිවසේ තබා තිබෙන ආකරය සහ සිරුර මිහිදන් කිරිම සදහා කනත්තට රැගෙන ගිය ආකාරයත් තමාද පසුපසින් ගිය ආකාරයත් පැහැදිළි කළේය.

පෙර ආත්මයේ රිය අනතුර නිසා ඇතිවූ කම්පනය මේ ආත්මය තුළද ඔහු තුළ රැඳී තිබුණා.

boy-playing-accident

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම මැරුණට පස්සේ උඩට පාවෙලා ගියා, අවමගුල් පෙරහැරත් එක්ක මමත් අඬමින් කනත්තට ගියා"

    Post a Comment