19 October, 2016

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ 'බිරිඳ - දරුවන්' නොමිලේ රට යන වරප්‍රසාදය අහෝසි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක් අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

මීට පෙර ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍රයක් ක්‍රීඩකයකුගේ බිරිඳට නොමිලේ හිමිවුණා.

එම වරප්‍රසාදය මෙවර අහෝසි කර ඇතිබවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.

එසේම සංචාරය අතරතුර තම දරුවන් රැගෙන යෑමට තිබූ අවස්ථාවද ඉවත් කර තිබෙනවා.

කෙසේවෙතත් ක්‍රීඩකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට වසරට එක් වරක් ආසියානු සංචාරයක් සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීම ඉදිරියේදීත් සිදුකරන බවයි පැවසෙන්නේ.

sri-lanka-cricket-team-05

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ 'බිරිඳ - දරුවන්' නොමිලේ රට යන වරප්‍රසාදය අහෝසි"

    Post a Comment