13 September, 2016

හිර ගෙදර ඉන්න දුමින්දගේ FB පිටුව තාම වැඩ

මරණ දණ්ඩනය නියමවීමෙන් පසුව බන්ධනාගාරගත කරනු ලැබූ ආර්. දුමින්ද සිල්වා මහතාගේ නිල ෆේස්බුක් පිටුවට ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා.

පසුගිය 13 වෙනිදායින් පසුව එම ෆේස්බුක් පිටුව යාවත්කාලීන කර තිබුණේ අදයි.

ඒ අනුව මීට පැය කිහිපයකට පෙර එයට එක් කර තිබුනේ භාරත ඝාතන සිද්ධියේදී දුමින්ද සිල්වා ගේ හිසට ඇතිවූ තුවාල පිළිබඳ සහ සිදුකරනු ලැබූ සැත්කම් වලට අදාළ ඡායාරූප කිහිපයකුයි.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද පසුගිය දිනක අැයගේ ෆේස්බුක් පිටුවට සිය පියාගේ හිසට වෙඩි වැදීමෙන් අනතුරුව ලබා ගත් ඡායාරූපයක් එක් කර තිබුණා.

පසුව ඇය සඳහන්කර තිබුනේ ඇය එසේ එම පින්තූරය පල කිරීමට හේතු වූයේ හිසට වෙඩි වැදි අයකුගේ තත්වය පෙන්නුම් කිරීමටත්, දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදී තිබුණු බවට අසත්‍ය වෛද්‍ය වාර්තා සැකසූ වෛද්‍යවරියකගෙන් ප්‍රශ්න කළ යුතු බවත්ය.

දුමින්ද සිල්වා මහතාගේ ෆෙස්බුක් පිටුවට එක්කර තිබූ ඡායාරූප පහතින්.





  















Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිර ගෙදර ඉන්න දුමින්දගේ FB පිටුව තාම වැඩ"

    Post a Comment