13 September, 2016

ඇක්ස්ලේටරේ කොනටම අල්ලද්දී හතපන් උඹ වෙනුවෙන් අඬන්න අයත් ඉන්නවා කියලා

'ඔය ඇක්ස්ලේටරේ කොනටම අල්ලද්දී ටිකක් හතපන් උඹ වෙනුවෙන් අඬන්න අයත් මේ ලෝකේ ඉන්නවා කියලා...'

මේ සටහන ලියවිලා තිබුණේ තමන්ගේ ආරණීය මිතුරෙකුගේ වියෝව වෙුනවෙන් තවත් මිතුරෙකුගෙන්.

මෙලෙස සැවොම හඬවමින් යලි නොඑන ගමන් ගොස් තිබුනේ ඩිලාන් ජයසිංහ නැමැති මාතලේ පදිංචි තවමත් වයස අවුරුදු 19 ක නවයොවුන් තරුණයෙක්.

පසුගිය දිනක මිත්‍රයෙකුගේ දුරකථන ඇමතුමකින් පසු ඩිලාන්ට පිටත් වෙලා තිබුණේ ඒ මිත්‍රයාගේ නිවසට යෑම සඳහායි.

කෙසේ වෙතත් එම මිත්‍රයාගේ නිවසට යන අතරමගදි ඩිලාන් කාර් එකක හැපී තිබෙණවා.

අවසානයේ සිද්ධවෙලා තිබුණේ තමන් ඉතාමත් ආදරය කළ මෝටර් සයිලකයෙන්ම ඩිලාන් අවසන් ගමන් යෑමයි.

අනතුරෙන් පසුව ඩිලාන්ව රෝහල් ගත කළත් ඔහු මිය ගිහින් තිබුනේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින්.

ඩිලාන් ජීවත් වී තිබුණේ සිය ලොකු අම්මා සහ වැඩිමහල් සහෝදරයාත් සමඟයි.


'ඉපදුනොත් කවද හරි මැරෙනවා' කියමන සත්‍යයක් වුවත් මෙවන් අකල් මරණ අප කාගේත් සිත් සංවේදී කරනවා.

එම නිසා තමන්ගේ ජීවිතේ වටිනාකම පිළිබඳව මදක් හෝ සිතා බලා කටයුකු කරනවා නම් සිදුවීමට තිබෙන ලොකු අනතුරක් වුනත් පොඩි සැලකිල්ලක් නිසා මග හරින්න පුළුවන්.












Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇක්ස්ලේටරේ කොනටම අල්ලද්දී හතපන් උඹ වෙනුවෙන් අඬන්න අයත් ඉන්නවා කියලා"

    Post a Comment