13 September, 2016

'අත' අතැර 'අලියාට' සෙට් වෙන්න හොරගල් අහුලන 03 දෙනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්න යනව කියල රාවයක් පසුගිය දවස්වල වැඩි වැඩියෙන් කන වැටුණ.

එක්කෙනෙක් කොළොම්පුරේ ඉන්න එකම එක්කෙනා කියලයි ආරංචි.

හැබැයි ඉතින් ගිය මහ ඡන්දෙන් යන්තම් තමයි ජාමෙ බේරගෙන තියෙන්නෙ.

ඒ කාලෙ සන්ධානෙකත් ලොකු තනතුරක් දරපු මේ ඇත්තා එක්සත් ජාතික පක්ෂයේ ලොකු ලොකු උදවිය එක්ක හාදකම් පවත්වමින් යන තැනට වැඩකරගන්නව කියලයි ආරංචි.

මේ වැඩේට සෙට් වෙලා ඉන්න තව එක්කෙනෙකුට පක්ෂ මාරු කරන එක හරියට නිකන් ඔෆිස් යනවා ගෙදර එනවා වගේ දෙයක් කියලයි කියන්නෙ.

කට හින්ද මහ උළු ගෙදරත් තැපපු මේ උන්නැහේ මහ ඡන්දෙන් පැරදිලා තියෙද්දිත් කවුන්සිලේට අරන් ඇමඇති කමකුත් දුන්නට කළගුණ සලකන හැටි දළදා හාමුදුරුවන්ටවත් පේන්නෙ නැද්ද කියලයි මේව ගැන දන්න කියන උදවිය කතා කරන්නෙ.

රටේ හිටපු ලොකු මහත්තය ගම රට අතෑරල මහ ඡන්දෙ කරන්න බින්න බැහැපු පැත්තෙ ඇත්තෙක් තමයිලු අනිත් කෙනා.

ඒ හින්ද උන්නැහේගෙ ආසනේ ගොඩක් කට්ටිය පරණ ලොකු මහත්තයට සෙට් වෙලා නිසා කනගාටුවෙන් තමයි ඉන්නව කියන්නෙ.

උන්නැහේ ටික කාලෙක ඉඳල අලින්ට හරි ලෙංගතුයිලු.

ඒ කට්ටියත් එක්ක රට සවාරි එහෙමත් යනව එනවලු.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'අත' අතැර 'අලියාට' සෙට් වෙන්න හොරගල් අහුලන 03 දෙනා"

    Post a Comment