13 September, 2016

දිනන විදියට සල්ලි - මාලිංගත් බී කාණ්ඩයට - ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවෙන්න යන ලොකු වෙනස මෙන්න!

ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කිරීමේදී උපරිමය 35 කට ආසන්න සංඛ්‍යාවක්‌ පමණක්‌ තෝරා ගැනීමේ සූදානමක් පිළිබඳ වාර්තාවනවා

දිනන විට ක්‍රීඩකයින්ට වැඩි මුදලක් එන ලෙස නිර්මාණය කරන මෙම නව ක්‍රමය යටතේ අදාළ ක්‍රීඩකයන් සංඛ්‍යාව කාණ්‌ඩ තුනක්‌ යටතේ ඉදිරි සති තුන ඇතුළත වාර්ෂික කොන්ත්‍රාත්තුවකට ඇතුළත් කිරීමට නියමිත බවත් නව ක්‍රිකට්‌ පරිපාලනය පැමිණීමෙන් පසුව මෙතෙක්‌ වාර්ෂික කොන්ත්‍රාත්තුවක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ලබා නොදී තිබෙන නමුත් ඉදිරි සති දෙක තුන ඇතුළතදී ක්‍රමවත් කොන්ත්‍රාත්තුවක්‌ සඳහා ක්‍රීඩකයන් පිරිසක්‌ තෝරා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

”අපි බොරුවට කොන්ත්‍රාත්තු දෙන්නේ නැහැ. සීමිත ප්‍රමාණයකට තමයි කොන්ත්‍රාත් දෙන්න බලාපොරොත්තු වෙන්නෙ. 


මොකද මහ ලොකු පිරිසකට කොන්ත්‍රාත් අත්සන් කරන්න දීල කිසිම තරගාවලියකටවත් සහභාගි නොවී කොන්ත්‍රාත්තුවේ විතරක්‌ ඉඳල තේරුමක්‌ නැහැ. 

ඒ වගේම දිනන විට වැඩි මුදලක්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ලැබෙන පරිදි තමයි අපි කොන්ත්‍රාත්තුව සකසන්නේ. එතකොට තමයි ක්‍රීඩකයන්ගේ තරගකාරීත්වය මෙන්ම රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවටද හොඳ දෙයක්‌ වෙන්නේ.” 

යැයි ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් දරණ පුද්ගලයෙකු පවසා ඇති බවයි වාර්තාවන්නේ.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයන් සංඛ්‍යාව 100 ඉක්‌මවා තිබූ අතර අනතුරුව 50-60 අතර ප්‍රමාණය දක්‌වා එය අඩුවිය. 

බොහෝ පිරිසක්‌ කොන්ත්‍රාත්තුවේ සිටියදී ආබාධවලට ලක්‌වීම සහ කිසිම තරගාවලියකට සහභාගි නොවී මුදල් ගැනීමේ ක්‍රමය නැවැත්වීම සඳහා අදාළ ක්‍රමවේදය සකස්‌ කර තිබේ.

ජාතික කණ්‌ඩායමේ සිටින විසි දෙනෙකු ප්‍රධාන කොටසකට නම් කරන අතර අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ සංවර්ධිත කණ්‌ඩායම්වල ක්‍රීඩකයන් තවත් කාණ්‌ඩයකට ඇතුළත් වේ. 

එහිදී ක්‍රීඩකයන් ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යනුවෙන් වෙනම කාණ්‌ඩ යටතේ ලබා දෙන කොන්ත්‍රාත්තුවල මිල ගණන් වෙනස්‌ වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌, උපනායක දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් පමණක්‌ ‘ඒ’ කාණ්‌ඩයේ කොන්ත්‍රාත්තුවට ඇතුළත් වනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. 

ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගෙන සිටින සහ ආබාධයකට ලක්‌ව සිටි ලසිත් මාලිංග ‘බී’ කාණ්‌ඩයට ඇතුළත්වීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් ක්‍රීඩකයින් ඇතුළත් කරණ ඛාන්ඩ පිළිබඳව තවමත් සාකච්ඡා මට්ටමේ පසුවන බව වාර්තාවේ.




-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිනන විදියට සල්ලි - මාලිංගත් බී කාණ්ඩයට - ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවෙන්න යන ලොකු වෙනස මෙන්න!"

    Post a Comment