12 September, 2016

ටික වේලාවකින් තමයි කිව්වේ ගයේෂාන් පැන්නා පැන්නා කියලා

- ඇස් බැඳලා හොඳටම ගැහුවා..
- උඹට බෝම්බයක් දාලා ඇතුලට දානවා කිව්වා..


හම්බන්තොට පොලිස් අත්අඩංගුවේ සිටියදී, තරුණයෙකු අතුරුදන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියේ ස්ථානාධිපිවරයා ඇතුළු පස් දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තවත් තරුණයෙකු සඳහන් කළේ තමන් සමග අතුරුදන්වූ තරුණයා පොලිස් භාරයේ සිටි බවයි.

බඳගිරිය - යහන්ගල ගබඩාවකින් වී තොගයක් සොරකම් කිරීමේ චෝදනාවට පසුගිය සඳුදා හම්බන්තොට පොලිසිය විසින් ජී.ජී. ගයේෂාන් නමැති තරුණයෙකු අත්අඩංගුවට ගත් බවට ඥාතීන් පැවසුවා.

ඔවුන් සඳහන් කළේ අත්අඩංගුවට ගත් දිනට පසුදා හම්බන්තොට පොලිසිය විසින් තමන්ට දැනුම් දුන්නේ ගයේෂාන් වැසිකිළියට යන අවස්ථාවේදී පලාගොස් ඇති බවයි.

කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීමට යාමේදී ගයේෂාන් පලාගිය බව අප කළ විමසීමකදී හම්බන්තොට පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයෙකු අද ඔහුගේ නිවසට පැමිණ සිටි අතර ඔහු ගයේෂාන් තමා සමග සිරමැදිරියේ සිටි බවට තහවුරු කළා.






-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටික වේලාවකින් තමයි කිව්වේ ගයේෂාන් පැන්නා පැන්නා කියලා"

    Post a Comment