10 September, 2016

දුමින්දගේ හිර ගෙදර ක්‍රිකට් ගැහිල්ලෙන් අභ්‍යන්තර කැළඹීමක් – තොරතුරු මෙන්න

මරණ දඩුවම නියමකොට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ඊයේ(9) පෙරවරුවේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති කාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වීමේ සිදුවීමත් සමග බන්ධනාගාරය තුළ දැඩි විමසිලිමත් තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා.

මරණ දඩුවමට ලක් වු පුද්ගලයෙකුට තමන් රඳවා සිටින වාට්ටුවෙන් පිටතට පැමිණිය හැක්කේ දිනකට විනාඩි 30 ක කාලයක් වන අතර එම අවස්ථාවේදී දුමින්ද සිල්වා මරණ දඩුවමට ලක්වූ තවත් පිරිසක් සමග කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බවයි ඊයේ වාර්තා වුණේ.

මේ සමග නිලධාරීන් සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළ විමසිල්ලෙන් සිටින බවයි පැවසෙන්නේ.

දුමින්ද සිල්වාට මෙලෙස කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා.

මෙම තොරතුර මාධ්‍යට ගියේ කෙසේද යන්න බලධාරීන්ට ප්‍රශ්නයක් වී ඇති බවයි වාර්තා වන්නේ.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුමින්දගේ හිර ගෙදර ක්‍රිකට් ගැහිල්ලෙන් අභ්‍යන්තර කැළඹීමක් – තොරතුරු මෙන්න"

    Post a Comment