10 September, 2016

ඩිල්ෂාන්ගේ විවේචන පසෙකලා ‘මහේල’ අතේ සල්ලිවලින් ටිකට් අරන් මැච් එක බලන්න ඇවිත්



ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන් සිය අවසන් ජාත්‍යන්තර තරඟට ඊයේ සහභාගි වුණා.

ඒ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ආර් ප්‍රේමදාස පිටියේ පැවති දෙවන විස්සයි විස්ස තරඟයයි.

එම තරඟය නැරඹීම සඳහා හිටපු නායක මහේල ජයවර්ධනද පැමිණ සිටියා.

ඔහු තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් තරගය නැරඹීමේ අරමුණ වෙනුවෙන්ම එංගලන්තයේ සිට සිය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පුද්ගලික මුදලින් ගුවන් ටිකට්පත් ලබාගෙන බවයි වාර්තා වන්නේ.

තරගයේ නැරඹීම සඳහා ටිකට් පතක් ලබා ගනිමින් පැමිණි මහේල, සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස ආර් ප්‍රේමදාස පිටියේ තරගය නැරඹුවා.

පසුගියදා ඩිල්ෂාන් නම නොකියා පලා බෙදුවද, මහේල ජයවර්ධන ඒ සියල්ල ගණනකටවත් නොගෙන, සිය ක්‍රීඩා පිටියේ සගයා සමුගන්නා මොහොතට එක්වූ බවයි සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් වී තිබුණේ.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩිල්ෂාන්ගේ විවේචන පසෙකලා ‘මහේල’ අතේ සල්ලිවලින් ටිකට් අරන් මැච් එක බලන්න ඇවිත්"

    Post a Comment