09 September, 2016

කුරුණෑගල තරුණියට පහරදී ඇත්තේ 'ශ්‍රිලනිප මැරයන්' - ඇත්ත කතාව මෙන්න




කුරුණෑගන ප්‍රෙද්ශයේදී පසුගිය දිනක තරුණයින් පිරිසක් විසින් තරුණියකට පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරාම පැතිර ගියා.

කෙසේ වෙතත් එම පහරදීමට හේතුවක් හරිහැටි අනාවරණය වෙලා තිබුණේ නැහැ.

කළින් වාර්තා වෙලා තිබුණේ පාරේ සිටි සිඟමන් යදින කෙනෙකුට කෙල ගැසූ නිසා මෙම තරුණියට පහරදුන්නා කියලයි.

හැමෝම කතාවුණු හැමතැනම පැතිරුණු මේ කතාවේ ඇත්ත නැත්ත ගැන වෙනස්ම කතාවක් අද අපිට අහන්න ලැබුණා.

එදින මෙම තරුණිය ඡායාරූප කිහිපයක් ගන්න ඇගේ සහෝදරයත් එක්ක කුරුණෑගලට ගිහින්.

ඔවුන් ගිහින් තියෙන්නේ ත්‍රීරෝද රථයේ රියදුරු මේ තරුණියගේ පෙම්වතා.

කුරුණෑගල දක්වා ගමන් කරන අතරමගදි ත්‍රීවීලරයට ඉන්ධන ලබා ගන්න පෙට්‍රල් ෂෙඩ් එකක නතර කරලා.

තරුණියගේ සහෝදරයා සහ රියදුරු වූ පෙම්වතා බැහැලා යද්දි තරුණිය සිටින තැන තරුණයන් පිරිසක් පැමිණ තිබෙනවා.

ඒ එදින කුරුණෑගල මාලිගා පිටියේ පැවැත්වුණ නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී වීමට පැමිණි මීරිගම පැත්තේ තරුණයින් පිරිසක් බවයි වාර්තා වන්නේ.

එම තරුණයින් ත්‍රීවීල් රථයේ සිටි තරුණිය අසලට පැමිණ ඇයට විහිලු කරමින් අතින් ඇදීමට උත්සහ කර තිබෙණවා.

ඒ අවස්ථාවේදීම තරුණියගේ පෙම්වතා සහ සහෝදරයා එතැනට පැමිණ ඇති අතර ඔවුන් අතර ගැටුමක් ඇතිවෙනවා.

එම ස්ථානයේ සිටි පිරිස් ගැටුම සමතයකට පත්කිරීමෙන් අනතුරුව ත්‍රීවීල් රථයට නැගී තිදෙනාම පිටත්වෙලා.

සංවත්සරය නිසා එදින ලොකු මාර්ග තදබදයක් තිබී ඇති අතර ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මෙම රථ වාහන තදබදයට හසුවද්දි, ගැටුම ඇති කරගත් තරුණයන් පිරිස නැවතත් ඔවුන්ට මුණ ගැසී තිබෙනවා.

සමතයකට පත්වූ ගැටුම ආයෙත් ඇවිලී ඇත්තේ එලෙසයි.

එම අවස්ථාවේ තරුණියද එම ගැටුම මැදට පැන සමතයකට පත්කිරීමට උත්සහ දරා තිබෙන අතර තරුණියටද ඔවුන් විසින් පහරදීලා.

අනතුරුවා පොලිස් නිලධාරීන් එම ගැටුම සමතයකට පත්කරලා ඔවුන්ව එතනින් පිටත් කරන්න කටයුතු කරලා.

මේ සිද්ධිය ගැන තරුණිය සහ ඇගේ මව කුරුණෑගල පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇති බවයි එහි ස්ථානාධිපතිවරයා පැවසුවේ.

අදාළ සිද්ධිය පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුරුණෑගල තරුණියට පහරදී ඇත්තේ 'ශ්‍රිලනිප මැරයන්' - ඇත්ත කතාව මෙන්න"

    Post a Comment