08 September, 2016

අමීෂා ගැන නරක ආරංචියක්



පහුගිය ටිකේ ආරංචියක් නැතුවම හිටිය අමීෂා ගැන ටිකක් දුක හිතෙන ආරංචියක් වගේම සතුටු හිතෙන ආරංචියකුත් අපිට වාර්තා වුණා.

මුලින්ම අමීෂා ගැන දුක හිතෙන කතාව. 


ඒ තමයි අමීෂා පහුගිය දවස්වල අසනීපයෙන් හිටියා කියන එක.

ඒ විතරක් නෙමෙයි අමීෂාට සැත්කමකුත් කරන්න වුණා කියල තමයි අපිට නම් ආරංචි වුණේ. 


ඇත්තටම ඒ ආරංචිය අමීෂාගෙ රසික රසිකාවියන්ට නම් එච්චර සුබ ආරංචියක් නෙමෙයි කියලා අපි දන්නවා.

ඒත් මේ කියන්න යන්නෙ අමීෂා ගැන සතුටු හිතෙන ආරංචිය.

කොහොමින් කොහොමහරි අසනීපෙන් හිටපු අමීෂාට ඔන්න දැන් සුවයි. හැබැයි ඒත් ඉස්සර කටකාර දඟකාරකම් කරපු අමීෂට ටික දවසක් යනකල් වැඩි කතාබහ සීමා කරලලූ. 

අමතක කරන්න එපා එහෙම වෙලා තියෙන්නෙ ටික දවසකට විතරයි. 

එයාගෙ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වෙනකල් විතරයි. 

ඒ කියන්නෙ අර්ජුන්ට ටික කාලයක් යනකල් කනක් ඇහිලා ඉන්න පුළුවන් චාන්ස් එකක් පත්තු වෙලා... නැද්ද මං අහන්නෙ? (හික්ස්...)

-සත්හඬ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමීෂා ගැන නරක ආරංචියක්"

    Post a Comment