08 September, 2016

මට බණීවිද මල්ලි?



හිටපු ලොකු තැනට කුරැණෑගල පැත්තෙ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක දරැවෙකුගෙ අරන්ගේත්‍රම් උළෙලකට ආරාධනා ලැබුණා... ඒක සංවිධානය කරලා තිබුණෙ පළාත් සභාවෙ ශාලාවක. මේ අරන්ගේත්‍රම් නටපු දරැවා පළාත් සභාවෙ සභාපතිගේ ළඟම ඥාති දරැවෙක්... ඒ නිසාම උත්සව ශාලාවට කලින්ම ඇඩ්වාන්ස් මුදල් ගෙවලා වෙන්කරගන්නත් පුළුවන් වුණා. හැබැයි පළාත් සභාවේ කවුරැවත් අරන්ගේත්‍රම් උත්සවේ ප්‍රධාන ආරාධිතයා කවුද කියලා දැනගෙන හිටියෙ නැහැ... අන්තිම මොහොතෙ තමයි දැනගත්තෙ මේකෙ ප්‍රධාන ආරාධිතයා හිටපු ලොකු තැන කියලා...

මේක දැනගත්තා විතරයි පළාත් සභාවෙ මහ පුටුවෙ ඉන්න කස්ටිය බොහොම කලබලවෙලා එකාපාරටම උත්සවයට ශාලාව ලබාදීම ප්‍රතික්ෂේප කළාලු.

උත්සවේට දවස් දෙක තුනකට කළින් මේ කතාව දරැවගෙ පවුලෙ ඥාතීන්ට දැන්නුවම එයාලා අන්දුන්කුන්දුන් වුණා...

මොකද උත්සවේ ප්‍රධාන ආරාධිතයා හැටියට හිටපු ලොකුතැනටත් විශේෂ ආරාධිතයා හැටියට මහනුවර ඉන්න ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්තුමාටත් ආරාධනා කරලා තිබුණ නිසා. ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ආරාධිත දේශනයක් කරන්න භාර අරන් තිබුණ නිසා කතන්දරේ සහමුලින්ම අවුලක් වුණාලු...

අන්තිමට තමන්ට, තමන්ගෙ ඥාති දියණියට කරපු මේ ජරමරේ ගැන පළාත් පාලන සභාපති තැනටත් කිව්වා. මේ ශාලාවල් භාරව ඉන්නෙත් එයාලු... තමන්ගෙ යටතේ තියන තැනක මුදල් ගෙවලා තමන්ගෙ කෙනෙකුට වෙන්කරපු ශාලාව අවහිර කිරීම ගැන මිනිහට මල පැනලා පළාත් සභා මහ පුටුවෙ ඉන්න අය මුණගැහිලා ලොකු වාග් සංග්‍රාමයකට පැටලුනාලු..

'මල්ලී කලබල කරන්න එපා... අරයා මෙතෙන්ට ආවොත් එයාගෙ කතාවෙදි මට බණීවී. ඉතින් අපේ තැනක මට බණින එක හරි නෑනේ. ඒකයි මේක මෙහෙම කළේ.* පළාත් සබා ලොක්ක උත්තර බැන්දෙ එහෙමලු. ඊළඟට ආයෙමත් මෙහෙමත් කිව්වලු *මල්ලිගෙ වැඩක් නම් අවසර දෙන්නම්... ඒත් අනේ එතුමට කියන්න මට බණින්නනම් එපා කියලා* පළාත් සභා ලොක්කා කිව්වා ඊට පස්සෙ පරණ ලොකු තැනගෙ ප්‍රධානත්වෙන් අරන්ගේත්‍රම් කරන්න ශාලාව වෙන්කරලා දුන්නලු.


-දේශය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මට බණීවිද මල්ලි?"

    Post a Comment