07 September, 2016

ලංකාවේ ප්ලෑන් අවුල් කරපු මැක්ස්වෙල්ගේ ගැහිල්ල ගැන මැච් එකෙන් පස්සේ කපුගෙදර කියපු කතාව

- චන්දි මමයි කතාවුණේ කොහොම හරි මේ ගාන ළඟට යමු කියලා,
- ඕනිම ක්‍රීඩකයෙක් ආසයි මුලින් ඇවිත් බැට් කරන්න,

ඊයේ (6) මැච් එක පරාද වුණු හැටි ගැන තවමත් අපේ අය කතා වෙනවා. මොකද රෙකෝඩ් එකකුත් තියලා තමයි ඕස්ට්‍රේලියාව අපිට ගැහුවේ. 

සමහරු අපේ බෝලින් අවුල් කියලා කීවා, ෆීල්ඩින් අවුල් කීවා, ඒත් ඉතින් ගහපු ගාන ළඟට හරි එන්න ට්‍රයි කලා කියලා තමයි කපුගෙදර කීවේ. 

ඒ මැච් එක ඉවරවෙලා තිබුණු මාධ්‍ය සාකච්ඡාවෙදි. 

ඒ වගේම කපුගෙදර මේ සාකච්ඡාවෙදි මැක්ස්වෙල් ගහපු හැටි වගේම ඒ නිසා ලංකාවේ ප්ලෑන් ටික අවුල් වුණු හැටි ගැනත් කීවා.

ඔය අතරේ තමන් පිතිකරුවෙකු ලෙස 7වෙනි ක්‍රීඩකයා විදියට පිටියට එන එක ගැනත් කපුගෙදර කතා කළා. 

ඔහු කියන්නේ ඕනිම පිතිකරුවෙක් මුලින් ඇවිත් සෙල්ලම් කරන්න කැමතියි කියලා. ඒත් තේරීම් කමිටුව වගේම කණ්ඩායමේ අනිත් අය ඔහුගේ හැකියාව මැනලා තියෙන හැටියට තමයි 7වෙනි ස්ථානයේ පිතිකරණයේ යෙදෙන්න තමන්ව පිටියට එවන්නේ කියලා කපුගෙදර කියනවා.

ඒ වගේම ඔහු ඒ ගැන කණගාටු වෙන්නේ නෑ කියලත් කියන කතාවේ සම්පූර්ණ වීඩියෝව තමයි මේ.....



(හිරු ගොසිප්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවේ ප්ලෑන් අවුල් කරපු මැක්ස්වෙල්ගේ ගැහිල්ල ගැන මැච් එකෙන් පස්සේ කපුගෙදර කියපු කතාව"

    Post a Comment