07 September, 2016

යාචකයෙකුට කෙළ හගලා : තරුණියකට පහරදුන් සිද්ධිය ගැන තොරතුරු මෙන්න

තරුණ යුවළකට, තවත් තරුණ පිරිසක් විසින් එළව එළවා පහරදුන් සිද්ධියකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලය පුරා මේ වන විට පැතිර යමින් පවතිනවා.

එම සිද්ධිය පිළිබඳව මෙතෙක් සැඟව තිබූ කරුණු රැසක් මේ වනවිට හෙළි වෙමින් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවස්තරය පැවති කුරුණැගල මාළිගාපිටිය ආසන්නයේදී පසුගිය 04දා මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වන යුවළ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් බවයි වාර්තා වන තොරතුරු අනුව අනාවරණය වන්නේ.

කෙසේ වෙතත් මොවුන් සහෝදර සහෝදරියන්ද, එසේත් නොමැතිනම් පෙම්වතුන්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

එම යුවළ ගම්පහ ප්‍රදේශයේ දේශපාලඥයකු විසින් සංවස්තර උළෙලට කැඳවාගෙන ආ පිරිසකගෙන් දෙදෙනෙකු බවයි පැවසෙන්නෙ.

ඇතැමුන් පවසන්නේ අදාළ තරුණිය විසින් සිඟමන් යැදි පුද්ගලයෙකුට කෙල ගැසීමේ සිද්ධියක් හේතුවෙන්, සංවස්තර උළෙලටම ආ තවත් පිරිසක් විසින් පහරදීම සිදුකර ඇති බවයි.

මේ අතර ඇතැමුන් පවසන්නේ, තරුණයාට පහරදෙන අවස්ථාව වැළකීමට තරුණිය මැදිහත්වූ බවයි.

කෙසේ වෙතත් "කෙල්ලෙක් එක්කනේ ඉන්නෙ. ගහන්න එපා" යැයි මෙන්ම "ගහන්න එපා අයියේ නංගි" යැයිද පවසනු මෙම වීඩියෝව නැරඹීමේදී අසන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මේ වනතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

එම වීඩියෝව පහතින්.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "යාචකයෙකුට කෙළ හගලා : තරුණියකට පහරදුන් සිද්ධිය ගැන තොරතුරු මෙන්න"

    Post a Comment