02 September, 2016

ජනපති පැරණි මිතුරියක් බලන්න නොකියාම ගිය ගමන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පැරණි මිතුරියක් බැලීමට නොදන්වා ගිය ගමනක් ගැන වාර්තා වනවා.

එතුමා එලෙස ගොස් තිබුණේ 1975 වසරේදී පලූගස්දමන විවිධ සේවා සමූපකාර සමිතියේ සැපයීම් නිලධාරියා වශයෙන් සේවය කළ අවධියේ, එහි අයකැමිවරිය ලෙස සේවය කළ සිය මිතුරිය බැහැ දැකීමටයි.

නමින් කුසුම් පෙතියගොඩ වන එම මහත්මිය අසනීපයෙන් පසුවන බැව් ජනාධිපතිතුමාට ආරංචි වී ඇති අතර ඇගේ නිවසට හදිසියේ ගොඩ වී තිබුණේ තම පැරණි වෘත්තීය සහායිකාවගේ දුක සැප විමසනු පිණිසයි.

අමුත්තාව දුටු පෙතියාගොඩ මහත්මියට සිය දෑස් අදහාගත නොහැකි වී තිබුණ බවයි වාර්තා වන්නේ.

ඇගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනපති පැරණි මිතුරියක් බලන්න නොකියාම ගිය ගමන"

    Post a Comment