02 September, 2016

Samsung එළි දැක්වූ නවතම Galaxy Note 7 ගිනිගනී - සියළු දුරකථන යළි කැඳවයි

සැම්සුන් සමගාම විසින් දැනට මාසකට පෙර වෙළඳපොළට නිකුත්කරනු ලැබූ Galaxy Note 7 ස්මාර්ට් දුරකථනය යළි කැඳවා තිබෙනවා.

මෙම නව දුරකතනයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි බැටරිය ගිනි ගැනීමට ලක්වීම මෙයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ වනවිට ලෙව රටවල් කිහිපයකින් මේ ආකාරයේ අනපේක්ෂිත සිදුවීම් 05ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මේ වන විට Galaxy Note 7 ස්මාර්ට් දුරකථන යළි කැඳවීමේ නිවේදනය ලොව රටවල් 5 ක් වෙත යොමුකර තිබෙන බවත් වාර්තා වෙනවා.





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Samsung එළි දැක්වූ නවතම Galaxy Note 7 ගිනිගනී - සියළු දුරකථන යළි කැඳවයි"

    Post a Comment